නිදහස ඇත්තේ “නිදහසට” ඔබ්බෙනි

නිදහස ඇත්තේ “නිදහසට” ඔබ්බෙනි

ශිශැක්ට අනුව නම් අපට නිදහස ප්‍රකාශ කිරීමට භාශාවක් නොමැතිකමේ අර්බුධයෙන් අප පෙලෙයි. එනෙක් අතට යම් අධිකාරීමය සමාජයක නිදහස යනුවෙන් යමක් සලකුනු කරන්නේ නම් එය සැමවිටම නිදහස නොවන දෙය වන්නේ, එය සලකුනු කරනා විට ම එහි කර්තෘත්වය විසින් යලි පිරිසිදු කරගත නොහැකි ලෙස එහි අධිකාරීමය තත්වයක් තවරා තිබීම හේතුවෙනි. එම නිසා ම අවසාන අර්ථයෙන් ගත්විට, මේ මොහොතේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ ඇති පුද්ගල නිදහස, මානව නිදහස, ලිබරල් නිදහස ඇතුලු නොයෙක් පන්නයේ කෙලවරක් නැති විකාර නිදහස් (බහු වචනයෙන් කියවෙන්නේ නොනවතින ගුනනය වන තත්වයකි) සියල්ල ම ව්‍යාජ දෑ ය. ඒවා දැන් ආයුධ තබාගැනීමේ නිදහස, සූරාකෑමේ නිදහසේ සිට මිනීමැරීමේ නිදහස දක්වා යා කිරීමට ඇත්තේ තව පොඩි දුරකි…. තවත් ලෙසකින් කියතොත් නිදහස යනුවෙන් දෙයක් නොපවතියී යැයි කිව හැක……

මේ ලියවිල්ලේ අරමුණ ඒ නිදහස් ව්‍යාජය ගැන දිගින් දිගට කතා කිරීම නො වේ. නූතනත්වය ඇරඹීමෙන් පසුව රෙනේසාන් යුගයේ යුරෝපයේ සිදුවූ දේශගවේශනය යනුවෙන් හඳුන්වන දෙය පසුව යටත්විජිත තත්වයක් විය. මෙහිදී යටත්විජිත බිහිවීම අරබයා විවිධ දේශපාලනික, ආර්ථික සහ ආගමික තත්වයන් බලපා ඇති බව අප දනිමු. නමුත් මේ සියල්ලට පොදුවූ යම් චින්තනමය ස්වභාවයක් ඊට බලපා ඇත. එනම් නූතනත්වයේ චින්තනයයි. නූතනත්වයේ තිඹිරිගෙය වූ මධ්‍යතන /බයිසැන්තියන් යුගයේ ඒකදේවවාදී චින්තනයයි. තවත් ලෙසකින් පැවසුවහොත් ඒබ්‍රහමික ආගමික චින්තනයයි…. ඒබ්‍රහමික ආගමික චින්තනයන් වන කතෝලික ක්‍රිස්තියානි ඇතුලු ආගම්වකට අනුව අනුව සර්වලබලධාරී දෙවියෙකු පවතී. සර්වබලධරී දෙවියන් වහන්සේ විසින් “ඔහුගේ” (දෙවියන් පුරුෂ වේ) ස්වරූපයෙන් මිනිසා මවා ඇත. ඒ නිසාම මෙම යුදෙව් ක්‍රිස්තියානි වියුක්ත චින්තනය තුල සකල විශ්වයට ම පොදුවූ එකම මිනිස් ආකාරයක් සිටියී.. එසේ වන්නේ එක ම දෙවියෙකු සිටින නිසාත් ඔහුගේ ස්වරූපයෙන් මිනිසා මැවූ නිසාත්‍ ය. ඒ අනුව වෙනස් ආකාරයේ මිනිසුන් සිටිය නොහැක…. මාක්ස් පවා සිය ෆෝයබාග් තීසීසවල මෙම මිනිසා එක ම මිනිස් ආකාරයක් ලෙස ගැනීම අවුල් සහගත යුදෙව් චින්තනයේ විද්‍යාමාන වීම ලෙස සඳහන් කරයි.

මේ එක ම මිනිස් ආකාරය එක් අතකින් එලෙස මධ්‍යකාලීන ආගමික මූලයක් දරා සිටින අතර ම අනෙක් අතින් නූතනත්වයේ නිපැයුමක් වන තනි පුද්ගලයා සමඟ ගැට ගැසෙයි. මාක්ස්ට අනුව නූතන ලෝකයේ “පරමාදර්ශී ආත්මය” වන්නේ “හුදෙකලා තනි පුද්ගලයා” ය. නූතනත්වය තුළ ආචාරධාර්මික ආත්මය වන්නේ මේ එකලා තනි පුද්ගලයා ය. ඒ තනි පුද්ගලයා යනු සංයුක්ත තත්ත්වයන්හි සුවිශේෂතාවලට කිසිඳු විමර්ශකයක් නැති වියුක්ත තනි පුද්ගලයෙකි. “මිනිසාගේ” “අයිතීන්” ශුද්ධත්වයට පත් කෙරෙන්නේ මේ තනි පුද්ගලයා මඟිනි.

ධනවාදය ලෝකයේ විවිධ මිනිස් සංස්කෘතීන්, චින්තනයන් සහ කතිකාවන් වනසා දමා එකම මිනිස් ආකාරයකට, එකම කතිකාවතකට (ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවත) ගොනු කරනුයේ මේ තනි පුද්ගල වැඩබිම තුළ ය. ධනවාදයට මේ සඳහා බිම සැකසෙන්නේ පෙර කී එම නූතනත්වයේ චින්තනය විසිනි. එකම විද්‍යාවක්. එකම වෛද්‍ය ක්‍රමයක්. එකම පෝශන වේදයක් ලෙස අධිකාරීමය දැනුමක් (දැනුම ඒක වාචී වී ඇත) ස්ථාපනය කර ඇත. එය “දැනුම්” වෙනුවට “දැනුම” බවට පත්ව ඇත. අනෙක් දැනුම් පද්දතීන්ගේ මට්ටම මණින මිණුම් දන්ඩ වී ඇත්තේ එම දැනුමයි. උදාහරණයක් ලෙස වෙනත් වෛද්‍ය ක්‍රමයක් වුවද විද්‍යාත්මක පරීක්ශන ක්‍රම වලින් සනාථ කල යුතුය. බලි තොවිල් වැනි දෑ වුවද අර්ථ ගැන්වෙන්නේ ඊට අනුවය. එනම් මනෝවිද්‍යාත්මක හෝ තෙරපි ලෙස ය. නමුත් ඒවා පැවතියේ වෙනත් යථාර්ථයකට අදාලව බව මෙහිදී නොසලකා හරී.

නැවතත් මතුකිරීමට උත්සහ කරන ප්‍රධාන ප්‍රස්තුතයට පැමිනිය හොත් නූතනත්වයේ තනි පුද්ගලයා ආසියාවට, අප්‍රිකාවට සහ ඇමරිකාවට යන්නේ තනි පුද්ගල යුරෝපීය යා වශයෙනි. එසේ ගිය පසු ඔවුන්ට හමුවන්නේ පෙර නොවූ විරූ වික්ශිප්තමය අත්දැකීමකි. එනම් මේ තනි පුද්ගල යුරෝපීයයා නො වන “අමුතු” නො/මිනිසෙකි. එක ම මිනිස් ආකාරයක් සිටී යැයි අවිඥ්ඥානික වූ ඔවුන්ට මෙ ආකාරයේ මිනිසුන් සහ වෙනත් කතිකාවන් මෙන්ම වෙනත් යථාර්ථයන් පවතින සමාජයන් මුනගැසීම එක් අතකින් ඔවුන්ට දුර්බාග්‍ය සම්පන්නය. මක්නිසාදයත් ඒක දේවවාදී මෙන්ම එකම මිනිස් ආකාරයක් පිලිබඳව අවිඥ්ඥානයක් ඇති ඔවුන්ට එවැන්නක් මුනගැසීම විසින් ඔවුන්ව ක්ශිතිමය තත්වයකට පත්කරන්නට ඇත. මේ හමුවේ ඔවුන්ට ඉතිරිවන්නේ ක්‍රියාමාර්ග දෙකක් පමනි. එක්කෝ ඔවුන් ඔවුන්ගේ දෙවියන් සහ එම චින්තනයම, කතිකාවම විනාසකිරීමේ විප්ලවීය පියවර තැබිය යුතුය. නැතිනම් විප්ල්වීයත්වය අහුරා වඩා බියගුලු සහ ආරක්ශාකාරී ලෙස. මෙම හමුවූ මිනිසුන් තමාට වඩා පහත් නොමිනිස් කොට්ටාසයක් ලෙස සලකුනු කල යුතු ය. ඉතින් ඔවුන් තෝරාගත්තේ දෙවැන්නයි. එමනිසාම ඔවුන් අද දක්වාම සිතන්නේ ආසියාව, අප්‍රිකව, ඇමරිකාවේ ස්වදේශික සහ කලු ජනතාවට උදව් උපකාර කල යුතුය දියුනුවීමට අතහිත දිය යුතු කොටසක් වශයෙනි. අනෙක් අතට මේ කලාපවල මිනිසුන්ගේ අවිඥානය ද “තනි පුද්ගල යුරෝපීයයා බවට පත් වීම” බවට පෙරළා පත්වෙයි. මේ කලාපවල නූතනත්ව ව්‍යාපෘතිය යනු මේ “බවට පත්වීමේ” ක්‍රියාවලිය මිස අන් කිසිවක් නො වේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, සංවර්ධනය වැනි සියල්ල මේ “බවට පත්වීමේ ක්” ක්‍රියාවලියේ අංගෝපාංග වෙයි. තනි පුද්ගල යුරෝපීයයා අනෙකා “මිනිස්” බවට, එනම් ඔවුන්ගේ තත්වයට පත්වීමට උදව් කල යුතුය යන අදහසින් පෙලෙයි. කෙසේ වෙතත් ඔවුන් කල මෙම තෝරාගැනීමෙන් ඔවුන්ට වෙනත් මිනිස් ආකාර හමුවීමේ ඛේදවාචකය, ක්ෂතිය පහව ගියේ නැත. එහෙයින් එකල මෙම අමුතු මිනිස්-නොමිනිස් සතුන් ගැන විවිධ පොත් යුරෝපීය රචකයන් අතින් කියැවිනි. නාට්‍යද ලියැවිනි. එදා පමනක් නොව අදද එය සිදුවෙයි. ඇවටාර් යනු ඊට කදිම උදාහරයකි. (Navi මිනිසුන්ගේ කේශකලාපයන් ඩ්‍රෙඩ්ලොක් වූයේ කෙසේද?) අද දවසෙ පවා කැනීස් ඇතුලු සිනමා උලෙලවල් හීදී වෙනත් වෙනත් සංස්කෘතීන්ගේ චින්තනමය රටා සහ ඔවුන්ට ආවේනික දේ සිනමාවට නැගීම සම්බන්ධයෙන් සුවිශේෂීත්වයක් ඔවුන් ලබාදෙයි (Culturel code)…. වර්තමානයේ විවිධත්වයෙන් වෙනුවෙන් පවත්නා සකලවිධ අරගල අප ප්‍රතික්ශේප කල යුතු වන්නේද එම නිසා ම ය. මක්නිසාද යත් එම විවිධත්වන් යටින් ඇත්තේ මෙහි සඳහන් කරන සමජාතිත්වය ම මිස අනෙකක් නොවෙයි.

යටත්විජිතකරණයට සමගාමී ව ඔවුන්ගේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් ලොව පුරා පැතිරවීම ද සිදූවූ බව අපි දනිමු. නමුත් එම ප්‍රදේශවල තිබූ මිනිස් ආත්මයන්ට ඔවුන්ගේ ආරෝපිත කතිකාවන් සමග කිසිදා සම්පූර්ණයෙන් එක්වීමට නොහැකි වීය. ඒ වෙනුවට සිදුවූයේ ඔවුන් වඩ වඩාත් අනන්‍ය්තා අර්බුධයන් වෙත යාමයි. එය වහල් බාවයෙන් මිදුනු කලු මිනිසුන්ට අත්වූ ඉරනමට නොදවෙනිය. අදවන විටද ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ ස්වදේශී ජනයාගේ සියදිවිනසාගැනීම් බොහෝය. විනාශකාරී ක්‍රියාවන් බොහෝය. ඒ ගැන කිසිවෙකුගේ තැකීමක් නැත. ඒ වෙනුවට ඔවුන් එය අධ්‍යාපනයේ හෝ ආර්ථිකයේ හෝ මානසික සෞක්‍යයේ ගැටළුවක් ලෙස සිල්ලරට ගනියී.මීට දින කිහිපයකට ඉහතදී කළු මිනිසුන් කිහිප දෙනෙකුට සතුන්ට මෙන් ආහාර විසික් කරන සුදු ජාතික තරුණියකගේ බොහෝ පැරනි ජායාරූපයක් ප්‍රසිද්ද විය. එය ඉතා දුශ්ට, අමානුශික ක්‍රියාවකයි බොහෝදෙනා කියා තිබුනි. නමුත් එම සුදු ජාතික තරුනිය එසේ කරන්නේ නපුරු සිතකින් නොව. ඇත්තෙන්ම එය ඔවුන්ට අද අප වඳුරන්ට, හරකුන්ට කෑම දෙනවා වැන්නකි. එපමනක් නොව කළු මිනිසුන් සහ ගැහැණුන් කූඩුකර සත්ව උද්‍යානයන්ගේද තබා ඇත. ඒ කිසිදුවිටක ඔවුන් ඒ මිනිසෙකු ලෙස නොසලකනු ලැබුවේ සැබවින්මය. එය එක් අතටකට ඔවුන්ගේ සත්බාවාත්මග ප්‍රශ්නයකි. (අනෙක් අතට එම ක්‍රියාව අමානුශික ලෙස අර්ථගැන්වෙන්නේ මානවාදයට අදාලවය. එයද එකම.මිනිස් ආකාරයක් පිලිබඳ අදහසේ දිගුවකි)

යුරෝපීයයන් මුහුන දුන් පෙර සඳහන් කල මෙම උභතෝකෝටිකය යම් තරමකට හෝ සමනය කලේ පරිනාමවාදය විසිනි. ඊට අනුව මිනිස් පරිනාමය පිලිබඳව සහ විකාශනය පිලිබඳව රේඛීය ගොඩනැංවීම මගින් මෙම තත්වය යුරෝපීයන් පත්වූ ආත්මීය අර්බුධ සමනය කලා සේම රේඛීය සංවර්ධනය සඳහා වඩාත් හොඳ පාදමක් සැකසුවේය…….

මෙම අදහස තේරුම් බේරුම් කරගැනීමටත්, එය අද මේ මොහොතේ දේශපාලනයේ ක්‍රියාකාරීත්වට දායක වන ආකාරය තේරුම් ගැනීමටත් මෙම නීරස ලිපිය කියවනවාට වඩා පහසු විදිහක් ඇත. එනම් අද දවසේ නෙට්ෆ්ලික්ස්හි ක්‍රියාකාරීත්වයයි. මේ දිනවල නෙට්ෆ්ලික්සි අලුත්ම රැල්ල වී ඇත්තේ මෙතෙක් සුදු ජාතික වීරයන් සිටි කතාන්දර සහ චිත්‍රපටවල එම චරිත සඳහා කළු ජාතිකයින් ඇඩැප්ට් කිරීමයි. එයින් හුවා දැක්වෙන්නේ කළුජාතිකයන් ද සුදු ජාතිකයන් හා සමාන බවයි. නමුත් මෙය මෙතෙක් සඳහන් කල සමජාතිත්වයේ වඩා නරකම ස්වරූපය යැයි සඳහන් කල යුතුය. මක්නිසාදයත් එහි අදහස නම් නැවතත් කලකට පෙර නොමිනුසුන් ලෙස සලකුනු කර එම සත්වයින් සම මිනිසුන් ලෙස සැලකීමට මිනුම් දන්ඩ ලෙස සුදු මිනිසාගේ තත්වය මිනුමක් කරගැනීමයි…. සුදු මිනිසුන් රඟපෑ වීර චරිතවලට කළු මිනිසුන් පැමිනීමෙන් ඔවුන් එම සම තත්වය අත්පත් කරගනු ඇත. පිරිමි චරිත වලට ගැහැණු චරිත ගැනීමද. LGBTQ චරිත ගැනීමද මීට වෙනස් නැත.

එකම විහිළුවක විවිධ ස්වරූපයන් අප හමුවේ ඇති අතර වඩාත් ඛේදනීය කරුන වන්නේ වර්ථමානය වන විට මෙම තත්වය වඩාත් ප්‍රගතිශිලී දේශපාලනික තත්වයක් ලෙස සලකුනු.වී තිබීමයි. එහෙයින්ම එහි ඇති විකාර සහගත විහිළුව සලකුනු කිරීමම අද දවසේ විමුක්ති දේශපාලනයට වඩාත් අවශ්‍යම විප්ලවීය දේශපාලනික සලකුණු කිරීම වනු ඇත. නිදහස ඇත්තේ “නිදහසට” ඔබ්බෙනි!

  • මුද්‍රා ගුණතිලක