රෝග සහ ඖෂධ විපරීත ජීවිතයක උරුමය ලෙස…

රෝග සහ ඖෂධ විපරීත ජීවිතයක උරුමය ලෙස…

මිනිසා කියන්නෙම භූමියට සාපේක්ශ පැවැත්මක්.ඒ ඒ පරිසරයට අදාල තත්ව (හැදෙන ගස් වර්ග,ආහාර රටාව,සීතල,උණුසුම) මතයි මිනිස් පැවැත්ම තීරණය වෙන්නෙ.මේ තත්වයන්ගේ වෙනස්කම් අනුව මිනිස්සු ප්‍රාදේශීයව පවා වෙනස් වෙනවා.රටවල් ගත්තොත් රටින් රටට මිනිස්සු අතර වෙනස්කම වඩාත් තියුනුයි. ජීවිතය යනුවෙන් පොදු අදහසක් වෙනුවට ඒ ඒ තත්වයන් මත තීරණය වෙන ජීවිත (බහු වචනයකින්) තියෙන්නෙ.


මෙන්න මේ බහු වචනයෙන් තියෙන ජීවිත සම්බන්ධයෙන් ගත්තොත් දෛනික ජීවිතය තුල ආහාර සහ ඖශද යනුවෙන් පවා පැහදිලි වෙනසක් නෑ.ආහාරමයි ඖෂධ වෙන්නෙත්.එසේ නොවෙනවා නම් ඒ සීමිත අවස්තා විතරයි. සිංහල වෙදකම ගැන දැන් තියෙන නූතනත්ව කතිකාවේ ඉඳල පසු ආවර්තී ව කරන දෘෂ්ඨිවාදීමය අර්ථකතනවලට පිටින් බැලුවොත් අපිට තේරෙන දේ තමයි එය එතරම් සංවිධිත වෛද්‍ය වෛද්‍ය ක්‍රමයක් විදියට (නූතන අර්ථයෙන්) තිබුණේ නැහැ කියන එක. ඇත්තටම තිබුණේ ජන වෙදකමක්. එතැන යම් විශේෂිත වෛද්‍ය දැනුමක් නඩත්තු වුනා කියල හිතන්න අමාරුයි. පරම්පරාවෙන්, අත්දැකීමෙන් සම්ප්‍රේෂණය වුනු “දැනුමක්” තිබුනා. ඒක ගොවිතැනට අදාළ “දැනුමෙන්” ලොකුවට වෙනස් නැහැ. “රෝග” කියන වර්ගීකරණ තිබුනේ පටු සීමාවක. අඩියක් අඩියක් පාසා වෙද්දු නොහිටියේ ඒ නිසයි. රෝග සහ බෙහෙත් අතර තියෙන්නෙ සමතුලිතතාවයක්.ඒ ඒ ප්‍රදේශයට ආවේණික රෝග මෙන්ම ඒවා සුව කර ගැනීමේ ක්‍රම ද ඒ ඒ ප්‍රදේශය තුලින්ම සැපිරෙනවා.මේ ගති ලක්ශන අඩු වැඩි වශයෙන් අඩුම පසුගිය පරම්පරාව තෙක් වත් දකින්න තිබුනා.

දැන් බටහිර විද්‍යාව ආදේශ වෙන්නෙ මෙතනට. බටහිර විද්‍යාව සලකන්නේ දේවල් අජීවී විදිහට අරගෙන(බොහෝ විට). සෝඩියම් කෑල්ලක් ඇමරිකාවෙ ලැබ් එකක දහනය වෙන විදිහටමයි ලංකාවේදී දහනය වෙන්නෙත්.මිනිසා දෙස බලන්නෙත් ඒ විදිහටමයි. මිනිසා සතු සියලු සුවිශේෂී තත්වයන් බැහර කර ,ලෝකේ කොහේ සිටියත් මිනිසා මිනිසාමයි වගේ සැලකෙන පොදු(වියුක්ත) මිනිසෙක්/මානවයෙක් වශයෙන් සලකා කටයුතු කිරීම තමයි බටහිර විද්‍යාව(නූතනත්වය) මගින් වෙන්නෙ. වෛද්‍ය විද්‍යාව කියන්නෙ මේ වියුක්ත මිනිසාගේ ශරීරය විශ්ලේශනය කර රෝග හදුනාගැනීම සහ ප්‍රතිකාර නිර්ණය කිරීමටයි. නූතනත්වය කියන්නෙ මේ වියුක්ත මිනිසාගේ/මානවයාගේ බිහිවීමට. එතෙක් පැවති ව්‍යවහරික ජීවිතයෙන් ගලවා ගත්, වියුක්ත මිනිහෙක්ට සෑදෙන ලෙඩ රෝගත් වටහාගන්නේ ඒ ඒ සුවිශේෂී තත්වයන්ට ආවේණික ලෙස නොව පොදු ලෙසයි.ඒ අනුව යොදන ප්‍රතිකාරත් ඒ විදිහමයි. ඒ ඒ මිනිසා සතු සුවිශේෂී ගුණ වෛද්‍ය විද්‍යාව විසින් නොසලකා හරින නිසා එක ලෙඩකට දෙන බෙහෙතකින් තවත් ලෙඩක් ඇතිවෙනවා. වෛද්‍ය විද්‍යාවෙන් මේවාට අතුරු ආබාධ කිව්වාට මේවා අතුරු ආබාධ නෙමෙයි සැබෑම මූලිකම රෝගයන්. සංස්ලේශනය(සමස්තය) වෙනුවට විශ්ලේශනය (වෙන් කිරීම) මත තමයි බටහිර වෛද්‍ය විද්‍යාව රදා පවතින්නෙ. රෝගයක් හැදුනු විට සිරුරේ එක සාධකයක් වෙන් කරගෙන අනෙක් සාධක ස්තාවර කර රෝග නිර්ණය කිරීමයි වෙන්නේ.ඒ නිශ්චිත සාධකය කෙරෙහි සමස්තයේ බලපෑම පරික්ශා කල හැකි ක්‍රමයක් විද්‍යාව සතුව නෑ. මනුෂ්‍ය ශරීරයේ කුඩා කුඩා අංශ කඩල ඒවාට අදාළ විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ මෙන්න මේ තර්කනය නිසා. එක විශේෂඥයෙක් වග කියන්නේ එක අංශයකට විතරයි. ඒ අනුව මනුෂ්‍ය ශරීරය කියල සමස්තයක් නැහැ. ආසනික් නිසා වකුගඩු රෝගය හැදෙනවා කිව්වම වෙන්නෙ ආසනික් හැර අනෙක් සංයෝග ස්තාවරව තබා ගනිමින් ආසනික් විචල්‍යක් විදිහට භාවිතා කිරීමයි. සිගරට් නිසා පිළිකා හැදෙනවා කීම ස්තිරවම කීමට නම් බටහිර විද්‍යාවේ ක්‍රමයටම අනුව එය පරික්ශා කල හැක්කේ සිගරට් පමනක් බොන (අඩුම හුස්ම වත් නොගන්නා) මිනිසෙක් පරීක්ශනයට බදුන් කිරීමෙන් පමනයි.මේවාගෙන් පේන්නේ විශ්ලේශන ක්‍රමය බටහිර වෛද්‍ය විද්‍යාව විසින් යොදාගත්තද එය පවා පූර්ණ වශයෙන් කල නොහැකි බවයි.

මේ වියුක්ත දැනුම මිනිසා මත යොදද්දි ඒ ඒ මිනිස් සුවිශේෂීතාවයන් පෙරලා දක්වන ප්‍රතිචාරය විද්‍යාත්මක ගණනයන්ට හසු කර ගතහැකි මානයක නෑ. ලෙඩකට බෙහෙත් කිරීමෙන් පසු ඒ බෙහෙත් නිසා ඇතිවන රෝගී තත්වයන් බටහිර විද්‍යාව විසින් හදුනා ගන්නේ අලුත් රෝගයක් ලෙස වන අතර පූර්ව ප්‍රතිකාරයේ අඛණ්ඩතාවයක් ලෙස වටහාගන්නේ නෑ. මේ ක්‍රියාවලිය දිගටම වෙමින් මිනිස් සිරුර ආගාන්තුක ද්‍රව්‍ය වලින් පුරවමින්, විසදුම් යෝජනා කරමින්, ඒ විසදුම් නිසා ඇතිවන නව අර්බුධවලට නැවතත් විසදුම් යෝජනා කිරීමේ ක්‍රමවේදය තමයි බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙ. අද පවතින අර්තයෙන් කිසිම “රෝගයක්” මීට පෙර පැවතුනේ නෑ.බෙහෙත් විතරක් නෙමෙයි රෝගත් මීට පෙර තිබූ ඒවා නෙමෙයි. ආයුර්වේදය හෝ සිංහල වෙදකම හෝ නූතන රෝග හමුවේ අසාර්තක වෙන්නේ ඒ ක්‍රම වෙනත් සන්දර්භයන් තුල බිහිවුනු ඒවා නිසා.
පැනඩෝල් වෙනුවට දේශීය බෙහෙත් යෝජනා වීමත් මේකෙම තවත් ආකාරායක් විතරයි.ඒ අනුව තමයි කොත්තමල්ලි,රණවරා,බෙලිමල් ආදි වශයෙන් යෝජනා වෙන්නෙ බටහිර බෙහෙත් වෙනුවට. කොත්තමල්ලි හැදෙන්නෙ නෑනෙ අපි ඉන්න පැති වල. එතකොට කොත්තමල්ලි පානයක් වශයෙන් යොදාගත්තා කියන එකම වෙනයිනෙ. ප්‍රාදේශීය යොදාගත්ත අටෝරාසියක් ඖශධ ,ආහාර වෙනුවට කොත්තමල්ලි වගේ තනි පොදු ඖශධයක් ආදේශ වීමත් පැනඩෝල් පෙත්තෙම ප්‍රතිපක්ශයමයි.

නිරංජ හර්ෂ