නූතනත්වය සහ සමාජ සංවර්ධනය

නූතනත්වය සහ සමාජ සංවර්ධනය

” අප මේ මොහොතේ ජීවත්වන සමාජය බිහිවී ඇත්තේ කේසේද ?  කවදාද ?  කුමන ආකාරයකට කවර හේතුවකටද  ?  යන ගැටලුවලට පිලිතුරු විසංවාදයකි. නමුත් වඩා විමසිල්ලෙන් බැලූවිට ඉහතකී විසන්වාදයට පිලිතුරු බැදීමට උත්සහ කරන සියලු පාර්ශව විසින් ගෙන  එන යෝජනා සියල්ල එක් නිශ්චිත පොදු  අදහසක් වටා කේන්ද්‍රගතව පවතින බව දැකගැනීම අපහසුකාරනයක් නොවේ.  ඒවායේ පොදුබව සලකුනු කරන්නේ නම් මේ මොහොතේ ලෝකය පිලිබදව ආදිපත්‍යධාරී අදහස බවට පත්ව ඇත්තේ, එය ඩාවීනියානු පරිණාමවාදය හරහා විදහා දැක්වෙන පරිදි වානරයාගෙන් ඇරඹී, මිනිස් සමාජය විසින් අත්පත් කරගත් කාලානුරූපී ක්‍රමික වර්ධනය හේතුවෙන් ප්‍රාග් ඓතිහාසික ‍යුගයන්ගේ සිටම දියුනුවට පත්වීම නැමැති මිනිසාතුල පැවති සහජාශය හේතුකොටගෙන ස්වාභාවිකවම සිදුවූ සමාජ සංවර්ධනය හරහා  මිනිස් සමාජය අත්පත් කරගත් ප්‍රගතිය තුලින් වඩ වඩා ඉදිරියට ගමන්කිරීමේ ප්‍රතිපලයක් ලෙස අද පවතින සමාජ ක්‍රමය බිහිවී ඇති බවයි. ඉහත දැක්වූ අදහස පදනම් කරගනිමින් ගොඩනැගුනු වඩ වඩා මිනිස් සමාජය සංවර්ධන මාවත ඔස්සේම අනාගතයවෙත ගමන් කිරීම හරහා වඩ වඩා මානවයාට ප්‍රගතියම අත්වනු ඇති බවට වන විශ්වාසය තුල  වර්තමාන පොදු සමාජය නිර්මාණයවී තිබේ.  සමාජයේ සියලු පාර්ශවවල පැහැදිලිව පෙනෙන ඉහතකී පරිනාමවාදී පොදුබව සලකා වාමාන්ශිකයන් පිලිබදව පමනක් සුවිශේශීව සඳහන් කලහොත්, ධනවාදී ආර්ථිකය හේතුවෙන් ඇතිව තිබෙන ජීවිතයේ පීඩාකාරීබව පිලිගනිමින්, එකී පීඩාවෙන් මිදුනු මිනිස් ජීවිතයක් මිනිසාගේම මැදිහත්වීම හරහා අත්පත්කරගත යුතුය යන අදහසෙහි පිහිටා  ධනවාදී සමාජයට විකල්ප සමාජක්‍රමයක් ගොඩ නැගිය යුතුය යන දේශපාලන අදහස තුල ක්‍රියාකරමින් සිටින වාමාන්ශිකයන් යැයි හැදින්වියහැකි පාර්ශව විසින් දක්වන අදහස් ඉහත දැක්වූ ආදිපත්‍යධාරී පරිනාමවාදී අදහසින් වෙනස් යැයි බැලූ බැල්මට පෙනී ගියද ,  වාමාන්ශිකයන් විසින් සමාජවාදී  මුහුනුවරකින් නමුත් ගෙන එමින්  සිටින්නේ ඉහත දැක්වූ  පොදු අදහසම බව වටහාගැනීම අපහසු නොවේ.  “සාම්ප්‍රදායික මාක්ස්වාදය“ හරහා ගෙන එන්නේ නිෂ්පාදන බලවේගවල වර්ධනයට යටත්ව, ප්‍රාග්කමියුනිස්ට් යුගවල පටන් අද දක්වා මිනිස් සමාජයේ සිදුවන රේඛිය වර්ධනයක් පිලිබද අදහසකි. ඒ ඔස්සේ මිනිස් සමාජ දේහය කාලානුරූපීව සිදුවන අනිවාර්‍ය දයලෙක්තික පරිනාමයකට ලක්වීම හරහා එහි ආරම්භයේ සිටම ප්‍රගතියට පත්වෙමින් පැමින අද පවතින ධනවාදය බවට පත්ව ඇති බවත් , ධනවාදය නොවන කමියුනිස්ට් සමාජයක් කරා සමාජය ගමන් කරවීම සඳහා මිනිස් මැදිහත්වීම හරහා සිදුකලයුතු විප්ලවීය සමාජ පරිනාමීය අවධියක් පසුකලයුතු බව වාමාන්ශික ස්තාවරයයි. එවිට ඔවුන් සදහන් කරන “විප්ලවීය මිනිස් මැදිහත්වීම” පවා සමාජ  පරිනාමීය තත්වයන් මත රදාපවතී.  එලෙස වාමාන්ශිකයන් සෘජුවම විද්‍යාත්මක ඩාවීනියානු මානව පරිනාමවාදය සහ එහිම දිගුවක් ලෙස සැලකිය හැකි සාම්ප්‍රදායික මාක්සියානු සමාජ පරිනාමය පිලිබද අදහසද පිලිගනිමින් මිනිසාගේ ආරම්භයේ සිටම මිනිසා විසින් අත්පත්කරගමින් සිටිනා ” ප්‍රගතිය ( progres )” පිලිගෙන ක්‍රියා කරන බව වටහාගත හැකිය. ලෝකය බැලූ බැල්මට කෙතරම් විවිධත්වයක් සහිත විසන්වාදී අදහස් ජාලයක් ලෙස පෙනීගියද , ” ප්‍රගතිය” පිලිගැනීම යන කාරණයෙහිලා සියල්ලන්ගේ පොදු අරටුමය දෘශ්ටිවාදී අස්තානයන් තුල වන පොදුබව හමුවේ  සියල්ලෝම එකම ලෝක දැක්මකට යටත් එකම කුලකයක් ලෙස සැලකීම වඩා නිවැරදිය.

ඉහත දැක්වූ  ප්‍රගතියේ පරිනාමවාදී  ලෝක දෘශ්ටිය මිනිස් ආත්මයෙහි පහලවූයේ කෙසේද යන්නත් අප විසින් ප්‍රශ්න කරමින් විමසා බැලිය යුතු නොවේද ? එම කාර්‍යයෙහිලා  නූතනත්වය ඇතිවීමට අදාලවූ ඓතිහාසික කාර්‍යභාර්‍යය පිලිබදව පුලුල්ව විමසීම පසෙකලා , නිශ්චිත යුගයක් තුල නූතනත්වය පිලිබද අදහස ආදිපත්‍යධාරීත්වයට පත්වූ ආකාරය සහ නූතනත්වය හරහා ඇතිව තිබෙන මිනිසාගේ ආත්මීය විපරිනාමී තත්වය පිලිබදව සලකා බැලීම මෙම ලිවීමෙහි අරමුනයි.

ධනවාදය , නූතනවාදය , මාක්ස්වාදය, පශ්චාත්නූතනවාදය, වාමාන්ශය , ලිබරල්වාදය , ස්ත්‍රීවාදය, ජාතිකවාදය……. ආදී වශයෙන්වූ  මේ මොහොතේ සමාජ විසන්වාදයන් බවට පත්වී ඇති ගොඩනැන්වීම් සියල්ල එකිනෙකින් වන ස්වායක්තතාවයකින්  සලකා  පැහැදිලි කිරීමට අප විසින් උත්සහ නොගතයුත්තේ ඒවා සියල්ල ඒවායේ පරිසමාප්ත අර්තයෙන්ම එකිනෙකට අන්තර්සම්බන්දිතවූත්, එකම භාශාමය ව්‍යුහයකට අදාලවූත්, නිශ්චිත පොදු දෘශ්ටිවාදයකට අදාලව විකසනය වී ඇතිබව පැහැදිලිව පෙන්වාදිය හැකි බැවිනි.  ඉහත දැක්වූ විසන්වාදයන් සියල්ල නූතනත්වයට පසුව  ,  නූතනත්වයට දයලෙක්තිකව අපවෙත පැමින තිබෙන බව අප වටහාගත යුතුය.   “නූතනත්වය” සහ ” පෙරනූතනත්වය ” යන දෙබෙදුම නිශ්චිතවම කාලය පිලිබදව වන දෙබෙදුමක් නොවන අතර නූතනත්වය යනුවෙන් හැදින්වෙන්නේ ක්‍රි. ව 15 ,16,17 යන සියවස් කිහිපයක් ඇතුලත ලෝකයෙහි ( එවකට ලෝකය යනු යුරෝපයයි )යනු ආදිපත්‍යධාරීත්වයට පත්වූ මානසිකතත්වයක් , ආත්මීය තත්වයක් හෝ කතිකාවක් බව වටහාගැනීම සදහා අප දැන් නූතනත්වය දෙසට හැරෙමු.

රෝමානු අධිරාජ්‍යයේ සිදුවූ කඩාවැටීමෙන් පසු යුරෝපය ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යය යටතේ පැවති යුගය හඳුන්වන්නේ අදුරු යුගය යනුවෙනි. එම යුගය යුරෝපීය ශිශ්ටාචාරයෙහි ඉදිරි පැවැත්ම තවදුරටත් පවත්වාගෙන ඒම අර්බුදයට ලක්ව තිබූ කාලවකවානුවකි. අදුරු යුගයට අදාලව යුරෝපයට උරුමවූයේ පල්ලියේ ආදිපත්‍ය හරහා  පල්ලියට ප්‍රතිවිරුද්ධ අදහස් කෙරෙහි දැක්වූ කෲර ප්‍රතිචාර, පාවාදීම් සහිත ලේ තැවරුනු කුරුසයුද්ධ, මිහිපිට කිසිම මිනිස් ශිශ්ටාචාරයකට නොමැති තරමේ අපවාදාත්මක ඉතිහාසයකි. අදුරුයුගයේ තත්වයන් විසින්  අවසානයේ යුරෝපීය සමාජයෙහි හරය ලෙස ඉතිරිකරනු ලැබුයේ  නැසීගිය බටහිර රෝමානු අධිරාජ්‍යයය පිලිබදව පැවති අතීතකාමයෙන්  මුසපත්වුනු පාර්ශවයක් සහ එම අතීතකාමයට එරෙහිවූත්, පල්ලියේ ආධිපත්‍යයෙන් විඳි පීඩාකාරී වටාපිටාවෙන් මිදී සුබ අනාගතයක් පිලිබද සිහිනයක පසුවන තවත් පාර්ශවයක් අතර පැවතුනු අසරන සමාජ විසන්වාදයකි. එම විසන්වාදයේ ප්‍රතිපලයක් ලෙස සිදුවූ නූතනත්වයේ ආරම්භය පිලිබදව විමසා බලන්නේ නම් ඒ සදහා යුරෝපය විසින් මාලිමාව සහ වෙඩිබෙහෙත් පිලිබද දැනුම අත්පත්කරගැනීමත් සමග ඇතිවූ දේශගවේශනයේ නව මානයක් සමග එන යටත්විජිතකරණය සහ අන්තර්ජාතික වෙලදාමට වූ පෙර නොවූ විරූ නැබුරුතාවය ප්‍රධාන හේතුවක් විය.  එසේම ක්‍රි.ව. 16-18 සියවස් වල ආරම්භවූවායැයි සැලකෙන බුද්ධිප්‍රබෝදයේ යුගය (age of enlightnment ) නූතනත්වයේ ආරම්භයට හේතුවූ බව සලකුනු කලහැකි අතර ඒ ඔස්සේ  ගැලීලියානු විද්‍යාව බිහිවීම සහ  සමාජයේ ස්තාපිතවීම සිදුවිය.   “මිනිසා සතු දැනුම” යන්නට තාර්කික පදනමක් ස්තාපිත කිරීම , මිනිසාගේ ශරීරය සහ චින්තනය වශයෙන් වූ දාර්ශනික විභේදනයක් සහ රාජ්‍යය පිලිබඳ දාර්ශනික විග්‍රහයන් නිර්මාණය කරමින් පැමිනි පෙර නොවූ විරූ දාර්ශනික ප්‍රබෝදයක් ඇතිවීම හරහා නූතනත්වයට ශක්තිමත් පදනමක් නිර්මාණය විය. ලව්කිකකරණය, අනෙකා ඉවසීම ආදී සන්කල්ප නූතනත්ව අදහස් සමග පැමිනෙන්නේම ආගමික යුද්ධ අවසන් කර යුරෝපියානු ශිශ්ටාචාරය සිදුවූ පරිහානියෙන් ගලවාගැනීම සදහා දැක්වියයුතුම වූ අනිවාර්‍ය ප්‍රතිචාරයන් ලෙසිනි.  ඒ අනූව අවසානවශයෙන් බලන කල අදුරුයයුගය හරහා යුරෝපය මුහුනදුන් ව්‍යසනකාරී තත්වයෙන් ගැලවීම සඳහා ගෙන ආ ඉහත දැක්වූ අතීතය සහ අනාගත අතර පැවති ද්වීපාර්ශවීය විසන්වාදයෙහි සිදුවූ පොලාපැනීමෙහි ප්‍රතිපලයක් ලෙස නූතනත්වය බිහිවූ බවට සැකයක් නැත්තේය. සමාජය විසින් වැඳදගැනීම සඳහා වඩාත්ම උචිත කලා නිර්මාණ වන්නේ මොනවාද ? වශයෙන් වූ කලා නිර්මානයන්ට අදාලව අතීත කලානිර්මාන සහ නූතන කලානිර්මාන අතර යුරෝපීය සමාජයේ එවකට පැවති විසන්වාදයට අදාලව මෙම ” නූතනත්වය ” යන වදන  ප්‍රථමයෙන් සමාජගතවූවායැයි මත පලවී තිබේ ප්‍රතමයෙන් කලාව හරහාත් ඉන් පසුව  දර්ශනය, දේශපාලනය, ආර්තිකය යන ක්ෂේස්ත්‍ර කෙරෙහිද බලපෑම්සහගත වෙමින් සමාජය නූතනත්ව අදහස් හරහා වඩ වඩා යාවත්කාලීන වියයුතු බවට යෝජනාකරන නවමු සමාජ පන්තියක් යුරෝපයේ නිර්මානය වීම සිදුවිය.

නූතනත්වය හරහා මිනිසාගේ පැවැත්මට අදාල සෑම ක්ශේස්ත්‍රයක් වෙතම එතෙක් නොපැවතුන නවමු ආකාරයේ දෘශ්ටිවාදී පැරනි සහ නවීන දෙබෙදුමක් නිර්මානයවී පැතිරගිය අතර එතෙක් පැවති දේවල් සහ තත්වයන් පැරණි යැයි සම්මත කොට බැහැරකරමින් ඒ වෙනුවට රැගෙන එන නවතාවයන්  වැලදගැනීම ජීවන පුරුද්දක් බවට පත්විනි. ඉහත සියලු කාරණාමත පදනම්ව අප විසින් නූතනත්වය යන්න පවතින තත්වයක් (condition), ක්‍රියාවලියක් (prosses)  සහ ව්‍යාපෘතියක් (project) යන තුන් ආකාරයකට බලපෑම්සහගත වනබව වටහා ගත යුතුය. ජීවිතය පිලිබද සුවිශේශී අදහසක් සහිත, සුවිශේශීවූ සන්ස්කෘතියකට තමන් අයත්වන්නේ යැයි තමාවිසින්ම අර්තගන්වාගන්නාලද, සුවිශේශී එහෙත් සීමිත පිරිසක් විසින් නිර්මානය කරනලද , නූතනත්වය යන්න එහි එහිම වූ අර්තයෙන් ගැටලුවක්ම වේ. එය ගැටලුවක් වන්නේ කෙසේද යන්න දෙස දැන් අවධානය යොමු කරමු.

නූතනත්වය හරහා මානව වර්ගයාට යෝජනා කරන ජීවිතය යනු කුමක්දැයි විමසා බලනවිට එම ජීවිතය පිලිබද ගතිලක්ශන ලෙස ස්වාදිපත්‍යයට (autonomy) ඇති ආශාව සහ ස්වයන්පාලනයට ඇති කැමැත්ත දැක්විය හැකිය. එසේම ජීවනපුරුදු , චාරිත්‍ර සහ සම්ප්‍රදායන්ගෙන් මිදී , ඒකාධිකාරිත්වයට යට නොවී ස්වාධීනව ජීවත්වීමේ අභිලාශය මෙන්ම පුද්ගලයකුගේ විචාරාත්මක බුද්ධියේ සීමාව පසුකරන්නේ නම් පමනක් සදාචාරාත්මක එකගතාවයන් සහ ව්‍යවහාරයන් පිලිගැනීම, පුද්ගලයෙකුට ඔහුගේ ජීවිතයෙහි ක්‍රියාවන් සම්බන්දයෙන් පරම වගකීමක් ඇතිබව පිලිගැනීම ආදිය එකී නූතනත්ව ජීවිතයෙහි ගතිලක්ශන ලෙස පෙන්වාදිය හැකිය. මැකියාවෙල්ලි , ඩෙකාට්ස් , ස්පිනෝසා, හොබ්ස් වැනි විශාල විවිධත්වයකින් යුතු  පිරිසක් අතින් ඉහතකී නූතනත්වයේ නව මිනිසාට නව ගතිලක්ශන ආරෝපනය කරනු ලැබිනි. ඔවුන් බොහෝදෙනා අතින් ත්‍යාගශීලීත්වය, ධෛර්ය, ශ්‍රේෂ්ටත්වය, කීර්තියට ඇති කැමැත්ත, ස්වයන් ප්‍රකාශනය යන ජීවන ගුණාංග ඇතුලත් කිරීම හරහා නව සදාචාරමානයක් බිහි කරනලදී.  පූර්ව නූතන කාලපරිච්චේදයෙහි නැගීසිටියායැයි නිශ්චිතව පෙන්වාදියහැකි ඉහත දැක්වූ පුද්ගල චරිත ලක්ශනයන් පරම වශයෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්තාපිතය (Statutory) සමග සම්බන්දවී ඇත. වර්තමාන නූතනත්ව රාජ්‍යන්හි පදනම් ලෙස සැලකියහැකි ආන්ඩුක්‍රම ව්‍යවස්තාව, දන්ඩනීතිසංග්‍රහය ආදිය තුල නූතන දර්ශනය, පුද්ගල අයිතිවාසිකම් පිලිබද දර්ශනය, එකගතාවය මත පදනම්වූ ආන්ඩුකරණය සහ ඒ සියල්ලේ පරම අදහස වශයෙන් සැලකිය හැකි ජනතා පරමාධිපත්‍යය පිලිබද අදහස නියෝජනය වේ.  එතෙක් ලොවපුරා පැවති මිනිස් සමාජවල පැවති  සුවිශේශීතාවයන් යටපත්කරමින් සියවස් කිහිපයක් ඇතුලත සීමිත පිරිසක් විසින් නවමු මිනිස් සත්වයකු නිර්මානය කිරීමේ  සුවිසල් කාර්‍යය සිදුකිරීමේදී  මිනිසා මිනිසෙකු ලෙස ගෙවා ඇති මිල අද මිනිසා විසින්ම පාදා සොයාගත යුතු වන තරම් නූතනත්වය මිනිස් ආත්මයෙහි සාරය අහෝසිකර තිබේ. මෙතරම් සුවිසල් දාර්ශනික බරක් සහිතව සොයාගනු ලැබූ නූතනත්ව පාලන රෙජීමය මේ පවත්නාපරිදිම තව බොහෝකාලයක් පවතිනු ඇත්ද ? යන්න ප්‍රශ්නකිරීම වෙත අපගේ දෘශ්‍යමානය තුල අපට හමුවී ඇති අප අත්දකිමින් සිටින ජීවන ක්‍රමය විසින් අපට බලකර සිටියි.

නූතනත්වයෙහි වඩා විචක්ශනශීලී සහ සුවිශේශීම විජයග්‍රහනය ලෙස ජීවිතයෙහි සුරක්ශිතභාවය , නිදහස සහ සතුට හබායෑම සදහාම වෙන්වූ ආන්ඩුකරණය අප වෙත ඉදිරිපත්කර සිටින නමුත් එකී ආණ්ඩුකරනයම අපවෙත ඇතැම්විට සිතාමතා සිදුකරනලදැයිද සිතිය හැකි පිලිතුරු නොදෙන බොහෝ ගැටලු ඉතිරිකර යයි. නූතනත්වය එහි සන්කල්පීය තලයතුල අපට පවසා සිටින්නේ ජීවිතයේ වේදනාවක් නොමැති, අත්පත් කරගැනීමක් නොමැති අසීමිත නිදහසක් පිලිබදව නමුත් නූතනත්වය එහි ආරම්භයේ සිටම පෙර නොවූ විරූ අතෘප්තිමත්භාවයේ ගැටලුකාරී තත්වයන් සමග බැදී පවතී. එතෙක් මෙතෙක් පැවතුනු ඉතාම බලවත් සහ සමුර්ධිමත් යැයි උදම් අනමින් සිටින නූතනත්වයේ සමාජය එහි නෛසර්ගික සැක සහිත භාවයකින් පෙලෙමින් පැවතීමේ අවසානයක් මිනිසාට ලඟාකරදී තිබීම ඔබට සැකයක් ගෙන එන කාරනයක් නොවන්නේද ?

නූතනත්වය විසින් මිනිසාට අත්පත් කරගැනීමට ඇරයුම් කරන සතුට යනු කුමක්ද? එය අපට සොයාගත හැක්කේ වඩ වඩා වන ලුහුබැදීම තුල හෝ අල්ලාගැනීම තුලද ? එම සතුට මොහොතක් තුල පවත්නා තෘප්තිමත්භාවය පිලිබඳ හැගීමක්ද ? එසේත් නැතහොත් එය අනාගතයේ මතු යම් දිනයක අනුපිලිවෙලින් අත්පත්කරගනිමින් ලඟාකරගතයුතු අරමුනක් හෝ සමාධිමය තත්වයක්ද ? එය විශ්වීය අපේක්ශාවක්ද ? එසේත් නැතහොත් නූතනත්වය විසින් ලෝකයට හඹායන්නයැයි පවසනා සතුට හරහා ආමන්ත්‍රනය කරනුයේ මිනිස් වර්ගයාගෙන් ඉතාම සීමිත පිරිසකගේ සුවිශේශීවූ අවශ්‍යතාවයන් වෙතටද ?

නූතනත්වයට පෙර ආගම යනුවෙන්  මිනිසාගෙන් ස්වායක්තව වෙන්කොට දැක්විය හැකි යමක් නොවීය.  එතෙක් ආගමෙන් සිදුවූ සමාජ කාර්‍යය බැහැරකොට ” ආගම ” මිනිසාගෙන් ස්වායක්ත , මිනිසාගේ ආදිපත්‍යයට යටත් , පවුද්ගලික තේරීමක්, අයිතිවාසිකමක් යන තත්වයට පත්කරන ලදී. ඒ හරහා ආගම පිලිබද පොදු ලක්ශණය  ඉවත්වීගොස්, පුද්ගලික ලක්ශන  පමනක් ශේෂවීම සිදුවුනි.  ආගමික මතවාදයන්ගෙන් ලවුකික මතවාදයන් වෙතට වන විතැන්වීමක් දෙසට, එසේත් නැතහොත් එතෙක් ආගම හරහා සිදුවූ සමාජකාර්‍යයෙහි අවම කිරීමක් දෙසට සමාජය ගමන් කරවා එතෙක් මානව සමාජයන්හි පැවති රිද්මයන් මුලුමනි වෙනස් කරදැමීමට නූතනත්වය සමත්විය. නූතනත්වය එවකට යුරෝපයෙහි පැවති රාජ්‍යය සහ සිවිල් සමාජය ම වශයෙන් වූ දෙබෙදුම පවත්වාගැනීම පිලිබඳව වූ බලාධිකාරීත්වය තුල පැවති අදහස කෙරෙහි ධනාත්මක ආකාරයකින් බලපෑවේය.  ඒ ඔස්සේ නූතනත්වයට පෙර රාජ්‍යන්හි නොතිබුනු ආකාරයේ රාජ්‍යය සහ සිවිල් සමාජය වශයෙන් එකිනෙකට බලපෑම් සහගත අධිකා‍රීත්ව ක්ශේස්ත්‍ර දෙකක් ලෙස සමාජය වෙන්කරනු ලැබිනි. ඒ හරහා රාජ්‍යයෙන් ස්වායක්ත පරම බලයක් සහිත නිදහස් තනි පුද්ගලයකු (individual) පිලිබදව අදහස නිර්මානය වීම සිදුවූ අතර ඒ අර්තයෙන් නූතනත්වයෙන් පසු බිහිවූ මෙම නවමු මිනිස් ආත්මය නූතනත්වයට පෙර  පැවතියේ නැත. මින් පෙර පැවති යුරෝපීය රාජ්‍යය ආකෘතීන් වලට වඩා මුලුමනින්ම වෙනස් වූ ආකරයකට මිනිස් සමූහයක තනි පුද්ගලයකු පිලිබදව වූ සුවිශේශීකරනයක් ගොඩනගමින් කල හදුනාගැනීමක් වෙත නූතනත්වයේ රාජ්‍යය දිශානත විය. ඒ කාරනය සදහා දේශපාලනිකව න්‍යායික තලයේ ගොඩනැන්වීම් තුල විධිමත් මැදිහත්වීමක් සිදුකල ප්‍රමුක න්‍යායාචාර්‍යවරයකු ලෙස දැක්විය හැකි මැකියාවෙලි  ‘කුමාරයා‘ විසින් එවකට පැවති පුරාතන රාජ්‍යය නවතාවයන්ගේ එකතුවක් ලෙස නැවත ප්‍රතිව්‍යුහගතකිරීම න්‍යායිකව සලකුනු කරමින් කියා සිටියේ ” තමා විසින් නව සත්‍යය ” දරාසිටිනා බවයි. එවන් මැදිහත්වීම් හරහා දේශපාලනය යනුවෙන් එතෙක් පැවති අදහස වෙනස්කරමින් දේශපාලන සබඳතා විශ්ලේශනීය තාර්කික පදනමක් සහිතව සිදුකලයුතු  “දේශපාලන විද්‍යාවක්”  බවට පත් කිරීමේ ආරම්භය සනිටුහන් විය.  යුරෝපියානු සම්ප්‍රදාය තුල එතෙක් පැවති ඇරිස්ටෝන්ටලියානු අර්තයට අදාලව දේශපාලනයෙහි අවසන් ප්‍රතිපලය වියයුත්තේ කුමක්ද ? යන ප්‍රවේශයට අදාලව තීරන ගැනීමට වෙනස්ව, පවතින දේශපාලනය රැගෙන යා හැක්කේ කුමන දිශානතියක් වෙතද ? යනුවෙන් වූ ප්‍රගතිය පිලිබද අදහස දේශපාලනයට ඇතුලත්කරමින් මැකියාවෙලීගෙන් පසු නූතනත්වයේ රාජ්‍යයය ප්‍රතිව්‍යුහගතවිය. එනම් නූතනත්වයට පෙර වූ රාජ්‍යය පිලිබද අදහසින් වෙනස්වූ නව තත්වයක් බිහිවිය.

අවුරුදු දහස් ගනනක් තිස්සේ පැවතඑන මානව ඉතිහාසය තුල ඉහතකී “ප්‍රගතිය (progress)” සදහා වෙන්වී ඇත්තේ සියවස් පහක් තරම් මෑත  කාලපරිච්චේදයකි. නූතනත්වයට පෙර මිනිසා සතුව “ප්‍රගතිය” යනුවෙන් අප හඳුන්වන මෙම සුවිශේශී අදහස බල නොපැවැත්වූ බවත් නූතනත්වය යනු සුවිශේශී තත්වයක් බවත් අප වටහාගත යුතුය.  නූතනත්ව දෘශ්ටිවාදය හරහා ඕනෑම මිනිස් සමාජයක  සිදුවන දයලෙක්තික වෙනස්වීම පිලිබද අදහස යනු “ස්වාභාවික මානව ප්‍රගතිය”  වන්නේ යැයි අර්තදක්වමින් “ප්‍රගතිය” පිලිබඳ ඊනියා අදහසක් ගොඩනගාතිබීම “සත්‍යය”  නිරාවරනය කරගැනීම සඳහා බාධකයක්ව ක්‍රියා කරන බැවින් ඒ පිලිබඳව අප සැම සාවදාන විය යුතුය. ඔවුනට අනූව වාසනාවට අදාල කාරනයක් ලෙස නූතනත්වයට පෙර රෝමය වැනි සුවිසල් ශිශ්ටාචාර ගොඩනැගුන නමුත් නූතනත්වයේ ප්‍රගතිය යනු එයින් වෙනස්ව ලෝකය සහ ඉතිහාසය පිලිබද සියලු ගතානුගතිකත්වයන්ගෙන් නිදහස්ව, මිනිසා විසින්ම මිනිසාගේ අනාගත ප්‍රගතිය සකස් කරගනිමින් යන්නාවූ ගමනකි. වාසනාව බැහැරකරමින් තාර්කිකත්වයට ඉඩදෙමින්  සියල්ලෙහි පාලනය මිනිසා අතට ගතහැකිය යනුවෙන් පවසන ඔවුන්ගේ ගොඩනැන්වීම් තුලින් නූතනත්වයට පෙර සිටි මිනිසා තුල නොවූ විරූ ආකාරයේ ප්‍රගතිය (progress)  යනුවෙන් නවමු අදහසක් ජනිතවිය. ඒ අනූව ප්‍රගතිය (progress) විමුක්තිය වේ” යන්න මැකියාවෙලිගෙන් පසුව එන නූතන රාජ්‍යයන්හි ආදර්ශපාඨය බවට පත්විය.  ඔවුන් පැවසූ පරිදි නූතනත්වය මිනිසාගේ මානසික ජීවිතයට අදාලව ගතහොත් රාජ්‍ය විසින් සහතික කරදෙන ලද සැකසන්කා නොමැති ජීවිතයකි. එසේම එය මිනිසාගේ සමාජයීය ජීවිතයට අදාලව ගෙනහැර දැක්වුවහොත් එය සියලුම වර්ගයේ මිත්‍යාවන් අහෝසි කර ඇතැයි කියන මර්ධනය නොමැති, ස්තාවර, සමතුලිත, සමුර්ධිමත් සිවිල් සමාජයකි. නිදහස, ජීවිතය, දේපල සහ සතුට හඹායෑම යනු ජීවිතයට අදාල සම්භාව්‍ය නූතන මූලධර්ම ලෙස නූතනත්වය විසින් අපට හදුන්වා දී තිබේ. 

පසුකාලීනව ඉහතකී “ප්‍රගතිය ” සහ “රාජ්‍යය “පිලිබද නූතනත්වයේ අදහස තම දාර්ශනික ගොඩනැන්වීම් හරහා වඩ වඩා වර්ධනයට පත්කල හෙගල් හරහා  ගොඩනැන්වුනු  “විශ්වීය පරිපූර්න මිනිසා” වැනි සන්කල්ප හරහා නූතනත්වය තවතවත් තාර්කික කරමින් මිනිසා පිලිබදව වූ අවසාන සත්‍යය වන්නේ නූතනත්වය බවට වඩ වඩා සලකුනු කරන ලදි.

ස්වාධීන නිදහස් මිනිසා පිහිටුවීමේ කාර්‍යය සහ ඊට අදාල  නූතන රාජ්‍යය වියුහය ස්තාපිත කිරීම සදහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස එතෙක් මානව සමාජයන්හි පැවති සුවිශේශීතාවයන් ලෙස සැලකිය හැකි ආගමෙහි සහ දේශපාලනයෙහි පැවති සියලු විවිධත්වයන් අහෝසිකොට, ඒවා බැහැර කරමින් ඒවා කෙරෙහි විවේචන අක්ශයක් පිහිටවීම අනිවාර්‍යයෙන් සිදුකලයුතු කාරනයක් විය. මධ්‍යතන යුගයේ  දේශපාලනයට  ගෙන ආ විවේචනයක් ලෙස නූතන දේශපාලනයට අදාල ප්‍රධානතම අදහසක් වන “ස්වාධිපත්‍යය (Sovereignty )” පිලිබඳ අදහස හොබ්ස්ගේ ඉදිරිපත් කිරීම් හරහා ප්‍රථමයෙන් කරළියට පැමිනියේ ඉහත දැක්වූ නූතනත්ව ව්‍යාපෘතියට අදාල එම අනිවාර්‍ය අවශ්‍යතාවයේ ප්‍රතිපලයක් ලෙසයි. ස්වාධිපත්‍ය පිලිබද අදහස හරහා නිදහස් තෝරාගැනීමක් සහිත සර්වබලධාරී නිදහස් මිනිසෙකු පිලිබඳ ඊනියා අදහසක් සමාජගත කිරීමේ කාර්ය මැනවින් ඉෂ්ඨසිද්ධ කරන ලදි. Battle of the books යනුවෙන් බ්‍රිතාන්‍යය මූලිකව ඇරඹුනු පුරාන ග්‍රීක-රෝම කලාව පිලිබදව පැවති විසන්වාදයේදී මූලිකත්වයගත් ප්‍රකෝපකාරී නූතනවාදියෙකු ලෙස සුප්‍රසිද්ද ෆ්‍රැන්සිස් බේකන් විසින් එකහෙලා ප්‍රකාශකොට සිටියේ ශිෂ්ටාචාරය සම්බන්ද කාරණාවේදී පුරාතන මිනිසුන් ලදරුවන් වශයෙන් සැලකිය යුතු බවත්, පුරාතන කලාවට අදාල සියල්ල අවශෝශනය කරගනිමින් නූතන කලාව සියල්ලටම වඩා ඉදිරියෙන් පිහිටුවිය හැකි බවත්‍ ය. ඒ අනූව එකී මෙකී නොකී සෑම නූතනවාදියෙක්ම පවසමින් සිටින්නේ සෑමවිටම සැබෑ පුරාතනයන් බවට පත්වන්නේ පුරාතනය නූතනත්වය තුලට අවශෝෂනය කරගැනීම හරහා පුරාතනයට වඩා වැඩි  ප්‍රගතියක් අත්පත් කරගන්නේ නූතනත්වයේ පාර්ශවය විසින් වන බවයි. ඒ අනූව පුරාතනයට වඩා නූතනත්වය සැම විටම ඉහලින් පිහිටා සිටියි යන්න පිලිගෙන ක්‍රියාකිරීම නූතනත්ව සම්ප්‍රදායබව වටහාගත යුතුය. දැනුම යනු කාලය සමග වැඩිදියුනුවට පත්වෙමින් මිනිසාගේ ශිශ්ටත්වය වෙනුවෙන් වඩවඩා අනාගතයේදී සේවය කිරීමට ඇප කැප වී නිරන්තර විප්ලවීකරණයකට භාජනය වෙමින් පවතින මිනිසාගේ පරම නිශ්ඨාව බවට වන අදහස අපවෙත පැමිනෙන්නේ ඉහතකී සිතීමෙහි දිගුවක් ලෙසයි.  දැනුම පිලිබදව වන මෙම නූතනත්වයේ ප්‍රවේශය එහි හරයෙහිම පවතින දෘශ්ටිවාදය ලෙස අප වටහාගත යුතුය.

සියල්ල තාර්කිකකරනයට ලක්කරමින්  තර්ක බුද්ධිය තුලින් තීන්දු තීරන ගැනීමේදී යොදාගතයුතු දැනුමෙහි පිලිගත හැකි ප්‍රමිතියෙහි පොදු එකගතාවය පිලිබද අදහසක් ගොඩනැගිනි.  විද්‍යාත්මක සමාජ දැනුම වර්ධනය වීම හරහා සමාජය වඩ වඩා ප්‍රගතියකට පත්වීමට නියමිතබව බුද්ධි ප්‍රබෝදය ගෙනආ කේන්ද්‍රීය අදහසයි. ඒ හරහා නූතනත්ව රාජ්‍යයෙහි පුරවැසියාගේ විද්‍යාත්මක දැනුම වඩ වඩා වර්ධනය කිරීමේ අභිප්‍රාය සහිතව නිර්මානයකල දැනුමේ ආයතනගත ධූරාවලි පද්ධතියක් පවත්වාගැනීම එහි  අනිවාර්‍ය අන්ගයක් බවට පත්කිරීම සිදුවූ අතර ඒ අර්තයෙන් බුද්ධිප්‍රබෝදී යුගය යනු අද්‍යාපන ව්‍යාපෘතියක් එසේත් නැතහොත් සමාජය දැනුම හරහා ශිකෂශන කිරීමේ ව්‍යාපෘතියක් ලෙස වටහාගත යුතුය. ඒ සදහා උදාහරණයක් ලෙස ප්‍රංශ විශ්වකෝශය ප්‍රකාශයට පත්කිරීමේදී ඒ හරහා ලබාදුන් මූලික ඇඟවුම වූයේ විද්‍යාවේ ප්‍රගතියට සමගාමීව සමාජයේ සදාචාරාත්මක සහ දේශපාලනික වර්ධනයක් සිදුවීමට නියමිත බවයි.  වඩ වඩා විද්‍යාත්මක දැනුම නිශ්පාදනය කිරීම හරහා සමාජයෙන් මිලේච්චත්වය, මිත්‍යාව සහ දේවධර්මවාදී අගතීන් නැතිවී යාමට අමතරව රාජාණ්ඩුවල පීඩාකාරී බවෙන් නිදහස් වීමටත් පුරවැසියාට හැකිවනු ඇතිබව නූතනත්වය විසින් පවසනලදි.

නූතනත්වය හරහා එතෙක් නොවූ නව අනුභූතිකවාදයක් ආධිපත්‍යධාරීත්වයට පත්වූ අතර ලෝකය,  නිරීක්ශනය කලහැකි, මැනිය හැකි , සංඛ්‍යත්මකව ගතහැකි, දැනුමකට ගතහැකි, තාර්කබුද්ධියේ තෝතැන්නක් බවට පත්විය. එකී අනුභූතිකවාදී දෘශ්ටිවාදය විද්‍යාව හරහා පසුව සමාජයේ සෑම ක්ෂේස්ත්‍රයක් දක්වාම පැතිරීගිය අතර චන්ද ප්‍රමාන මැන බලමින් ඒ අනූව සමාජය පිලිබදව තාර්කික තීරන ගැනීම ආදී වශයෙන් දේශපාලනය පවා අනුභූතිකව මැනියහැකි යමක් ලෙස සන්කේතනයට පත්කිරීම ඒ හරහා සිදුවිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු තර්ක බුද්ධියට ගෝචර  මිනිසාගේ ආශාව වඩා නිවැරදිව මිනියහැකි, ශිශ්ටාචාරයකට අත්පත්කරගත හැකි අවසාන පාලන ක්‍රමය ලෙස තහවුරුවූයේ එලෙසයි.  සුවිසල් වෙනස්කිරීම් දාමයක් ඔස්සේ පැමින අවසානවශයෙන්  විද්‍යාව, දේශපාලනය, දර්ශනය යනු සමස්ත මානව වර්ගයාටම අදාල වූ ආදර්ශනයක්ය යන අදහස ස්තාපිත කිරීම දක්වා නූතනත්වය සාර්තකත්වයට පත්විය. අවසානවශයෙන්  නූතනත්වය විසින් සිදුකර ඇත්තේ මිනිසාගේ ජීවිතය පෙර සකසන ලද ආකෘතිකයක් තුල අර්තකතනයට ලක් කරමින් එම දෘශ්ටිවාදයේ ආධිපත්‍යධාරී  ආකෘතිය තුලට ඇතුල් වීම සදහා මිනිසාට බල කර සිටීමයි.

දේශපාලනය යනු මැනිය හැකි යමක්ද ? මැනිය නොහැකි මිනිසාගේ ආත්මීයත්වයට අදාල කාරනාවක්ද ? යනුවෙන්වන වරනැගිය යුතු ගැටලු දෙකක් නූතනත්වය විසින් අපවෙත ඉතිරිකරගොස් තිබේ. 

ලෝකය දැනුමකට ගෙන තර්කබුද්ධියේ ප්‍රමිතිගත තත්වයන් මත පදනම් වෙමින් ලෝකය පිලිබද තීරනය  ගනිමින් සොබාදහමෙහි පාලකයා මිනිසාබවට පත් කිරීම නූතනත්වයේ සැබෑ අවශ්‍යතාවයයි. එම ක්‍රියාවලිය තුල ලෝකය පිලිබද ” සත්‍යය”  මෙයයැයි විද්‍යාව හරහා දැනටමත් අනාවරණය කරන ලද  සත්‍යයන්ගේ වන අපගමනයන් , වෙනස්වීම් සහ අසත්‍යකරණයන්  හේතුවෙන් පෙරලා විද්‍යාවේම පැවැත්ම අභියෝගයට ලක්වන අවස්තා වලදී  එකී අභියෝගයන් විද්‍යාවේ “ප්‍රගතියේ ” මාවත තුලටම අවශෝශනය කරගැනීම සදහා  එකී අභියෝගයන්ට ප්‍රතිචාරලෙස අරුම පුදුම පිලිතුරක් නිර්මාණය කිරීමට නූතනත්වය සමත්විය. එනම් විද්‍යාව අසත්‍යකරණයට ලක්වීම යනුම විද්‍යාවට අදාල නයිසර්ගික ස්වභාවයක් බවත් අසත්‍යකරණය හරහා සිදුවන්නේ විද්‍යාව නැවත එය විසින්ම සොයාබැලීමට ලක්වීම හරහා සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් පෙරටත් වඩා ප්‍රගතියක් අත්පත්කරගනිමින් නොනවත්වා ඉදිරියට ගමන් කිරීමක් බවයි. එනම් විද්‍යාව අනවරත ප්‍රගතියේ සංකේතයක් වන බවයි. ” ප්‍රගතිය ” පිලිබද දෘශ්ටිවාදය තුල සිටින මිනිසා විද්‍යාත්මක දැනුම වර්ධනය වීම හා ඒ ඔස්සේ සිදුවන සමාජ වෙනස්කම් දිනෙන් දින දියුනුවීමකට පත්වීමක් ලෙස වටහාගන්නේද ඒකී සිතීම ඔස්සේය. වැරදීම් සිදුවීම න්‍යායගතවීම,  අත්හදාබැලීම් සහ අත්වැරදීම් සිදුකිරීම න්‍යායගතවීම  හරහා  සිදුවන තර්ක බුද්ධියට ඉඩදීමේ නූතනත්ව ප්‍රගතියේ අර්බුදය ස්තානගතවන්නේ කවර ආකාරයේ සමාජයක් දෙසටද යන්න වටහාගැනීමට සිහිබුද්දියක් ඇති ඕනෑම අයකුට ඉහත විද්‍යාව පිලිබද සරල උදාහරණය ප්‍රමානවත් යැයි සිතමු.

නූතන රාජ්‍යය හරහා  පවුලට, ගෝත්‍රයට, ප්‍රවේනියකට, ආගමික සන්ස්තාපිතයකට නොබැදුනු  ස්වායක්තව පවතින නිදහස් මිනිසෙකු පවතින්නේ යැයි   උපකල්පනය කරමින් එහි ව්‍යවස්තාපිත නීතිය ඉදිරියේ එකී නිදහස් මිනිසාව සමාන අයිතිවාසිකම් සහිත පුද්ගලයකු ලෙස සලකනු ලබයි. ඉහතකී අදහස ගොඩනැගෙන්නේ ස්වභාවිකවම මිනිසා යනු සමූහයකින් ස්වායක්තව තීන්දු, තීරන ගතහැකි නිදහස් සත්වයකු යැයි වන අතිශය වැරදිසහගත පූර්ව උපකල්පනයට අදාලවයි. ඉන් අනතුරුව නූතන රාජ්‍යය විසින් ගෙන එන තාර්කික දේශපාලන සහ සදාචාරාත්මක විසදුම් සඳහා එකඟතාවය ලබාදීමේ වගකීම ඔවුන් විසින්ම නිර්මානය කරන ලද කොහේවත් නොපවතින උපකල්පිත නිදහස් මිනිසෙකුවෙත පවරාදෙයි. රාජ්‍යය වෙත සිය අභිමතය පැවසිය හැකි සහ ඉල්ලීම් කලහැකි ස්වාධිපත්‍යක් සහිත යැයි නූතනත්වය විසින් හදුන්වාදෙන මෙම නව මිනිසා සහ නූතනත්වයේ සිහින රාජ්‍යය අතර අද දක්වා උත්සන්න වෙමින් පවතින දැවැන්ත ප්‍රතිවිරෝධතාවයන්ගේ රහස නූතනත්වයටම නයිසර්ගිකබව පැවසියයුතුය.

මින් පෙර කිසිදු මිනිස් සමාජයක නූතනත්වය ගෙන එන අර්තයෙන් මිනිසෙකුගේ තනි තෝරාගැනීම යනුවෙන් යමක් නොපැවතුනු අතර මිනිසෙකුගේ පුද්ගලික තොරාගැනීමක් පවා සිය සමූහයට අදාල සම්බන්දතාතුලම අර්තකතනයව පැවති ඒවායි.  මිනිසා පිලිබදව සත්‍යය නම් , කිසිදුවිටක  මිනිසකු  ගන්නා තීන්දු තීරන ඇතුලු මිනිසාට අදාල සියල්ල  ඔහුට අදාල සමූහයට ඇති සාමූහික අර්තදැක්වීමෙන් එපිට තැනක  නොපවතින බවයි. හැගීම්, දැනීම්, ගඳ, සුවදේ සිට මිනිසාට අදාල සියල්ල ගොඩනැගෙන්නේ ඔහුගේ සමූහයට අදාලව භාශාමය ලෝකයෙහි ගොඩනැගී ඇති සුවිශේශීතාවයන්ට, කතිකාවට(discourse)  අදාලව පමණක් නම්  ඊනියා නූතනත්වය ඉදිරියේ පමණක් ලොව සියලු මිනිසුන් සමානයන් වන්නේ කෙසේද ? ජීවිතය යනු නූතනත්වයේ දෘශ්ටිවාදයෙන් මිනිසා පරාරෝපනයට ලක්කිරීම හරහා මිනිස් සාරය මිනිසාගෙන්ම වියුක්ත කොට ගොඩනගා ඇති විහිලුවක් නොවන්නේ කෙසේද ?  යන ප්‍රශ්න ඔබ අප විසින් ඇසිය යුතුව තිබේ.

ලක්ෂාන් රජිත