මාක්ස්, වම්මු සහ තමලු – 01

මාක්ස්, වම්මු සහ තමලු – 01

පසුගිය දිනක තමලු මලිත්ත පියදිගම විසින් ” මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය” නැමැදි උද්‍යෝග වඛ්‍යය සහිතව ” දස් ක්පිටාල් කෘතිය ගැන විමසුමක්” මැයෙන් පොතක් ඵලකරන ලදී. එම පොත ඵල කිරීමට පෙර සිටම ඔහු දස් කපිටාල් නමින් ඵලවී ඇති ” ප්‍රාග්ධනය ” නම් කාල් මාක්ස්ගේ කෘති පෙළ කියවූ බවත්, එය මක්ස්වදීන් ලෙස පෙනී සිටින සහ වාමාංශිකයින්ගෙන් විමසීමට ලක් කලද එම කෘති පෙළ ඔවුන් බොහොමයක් කියවා නැති බවත් පවසමින් එම මාක්ස්වාදීන් සහ වාමාංශිකයින් කිච කිරීමට ලක් කලේය. එපමණකින් නොනැවතී ඔහු එය ඔහුගේ කෘතියෙහි පෙරවදනෙහි දක්වන්නේ මෙසේය.

// මේ විවේචන සාහිත්‍යය ලංකාවේ එතරම් ප්‍රචලිත නැත. එහෙයින් මාගේ ප්‍රකාශයට විරුද්ධව වාමවාදීන් කිහිපදෙනෙකු අදහස් දක්වා තිබූ අතර ඔවුන් මා දස් කපිටාල් කියවා තිබේදැයි ප්‍රශ්න කලහ. මම එම වෙළුම් තුන කියවා ඇති බව පැවසුවෙමි.

ඉන්පසු සංවාදය සහමුලින් වෙනත් මානයකට යොමු විය. වාමාංශිකයින් ඉතා විශාල පිරිසක් සහභාගී වූ එම සංවාදයේ පොදුවේ පිළිගත් කාරණයක් වූයේ ඔවුන් කිසිවකු දස් කපිටාල් කියවා නැති බවය.//

මෙම තත්වය තුල දස් කපිටාල් වෙත ඔහුගේ විවේචනය විස්තරාත්මකව ලිවීමටත්, එමඟින් මාක්ස් විශාල පොත් කිහිපයක් මගින් ධනේශ්වර ආර්ථික විද්‍යාවට විකල්ප ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කර ඇති බවත්, යන මාක්ස්වාදීන් ලංකාවේ ප්‍රචලිත කර ඇති මතය විවේචනය කිරීමේ සහ ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් මෙම කෘතිය ඵලකල බව දක්වා ඇත.

මෙම තමලුගේ අදහස පිළිබඳව අපගේ මතය ඉදිරිපත් කිරීමේදී, එනම් අප වාමාංශිකයින් හෝ මාක්ස්වාදීන් නොවන්නෙමු. අප භෞතිකවාදීන් හෝ විඥානවාදීන්ද නොවන්නෙමු. අප විමුක්ති දේශපාලනය අරමුණු කරගනිමින් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් විශ්ලේෂණියව ( Marxian) බාරගන්නා පිරිසකි. එබැවින් මාක්ස්වදය ලෙස සෝවියට් රුසියාව හරහා පැමිණි මාක්ස්වාදයත්, ද්‍රව්‍යවාදී භෞතිකවාදයත්, එය බාරගනිමින් ඒ වෙනුවෙන් පෙනීසිටින මාක්ස්වාදීන් සහ වාමාංශිකයිනුත්, මාක්ස් ධනවාදී ආර්ථික විද්‍යාවට විකල්ප ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්න පවසන්නනුත් එක මිටට තබා පරාජය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමේ වෙනුවෙන් මැදිහත් වන්නන්‍ ය. එම අර්තයෙන් අප තමලු සමග එකඟතාවය ඵල කරන මුත් ඔහුගේ සමස්ත දේශපාලනයේදී අප ඔහුගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පසක් කල යුතුය.

එහිදී තමලු සිදුකරනු ලබන මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අප පිළිගන්නා අර්ථයෙන් නිවැරදි නොවීම විසින් අපට තමලු සමග අභිමුඛ වීමට බලකර සිටියි. මේ මොහොතේ තමලු විසින් මාක්ස්වාදීන්ට, සමාජවාදීන්ට, වාමාංශිකයින්ට, මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේයැයි පවසන්නන්ට ප්‍රභල විවේචනයක් කලද ඔවුන් කිසිම හාවක් හූවක් නැතිව සිටීනා තත්වයක් තුල අප තමලු සමග අභිමුඛ වන්නේ ඔවුන් බේරාගැනීමට නොවේ. ඔවුන් දැනටම නිරුත්තරව පරාජය බාරගෙන සිටියි. එසේනම්, අපගේ උත්සහය අප මාක්ස්ගේ ඉදිරිපත්කිරීම් විශ්ලේෂණීය අර්තයෙන් භාරගන්නේ කුමන හේතුවකටද යන්න පසක් කිරීමටය. එය මේ මොහොතේ අප්ගේ කාර්‍යභාරයකි.

මෙම ඉදිරිපත් කිරීම තුල අප කොටස් කිහිපයකින් තමලුගේ පොතේහී ඉදිරිපත් කිරීම්, මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් වලට පටහැනිව අනවබෝධයෙන් කල ඒවා බව දැක්වීමට උත්සහ දරන්නෙමු. ඒ සදහා යම් කාලයක් ගතවන අතර මෙමගින් උත්සහ කරන්නේ තමලුගේ පොතේහී “පරිච්ජේදය 1 ” මගින් එම ඔහුගේ අනවබෝධය පෙන්වා දීමටය.

එම පරිච්ජේදය 1 හී තමලු ප්‍රවේශය ගන්නේ ” මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත.” යන මතෘකාවෙනි. ඒ යටතේ රෝම ඉලක්කම් 1 යටතේ “දස් කපිටාල් යනු විචාරයකි” යනුවෙන් පවසයි. එහිදි, එහි දෙවන ජේදයේ සටහන මෙසේය.

// කෙසේ වෙතත් මේ බොහෝ දෙනා මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කළේ යැයි සිතා සිටිති. ඊටත් වඩා හරිම ආර්ථික විද්‍යාව මාක්ස්ගේ ආර්ථික විද්‍යාව යැයි කියා සිටිති. ප්‍රශ්නය වන්නේ මාක්ස් කිසිදාක ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කළේ ද යන්නයි. මීට දිය හැකි පිළිතුර නම් නැත යන්න ය.//

මෙම අදහස පිළිබඳව අපගේ කිසිම ආරෝවක් නැත. මන්ද, මාක්ස් ආර්ථික විද්‍යාවක් කිසිවිටක ඉදිරිපත් නොකල නිසාය. මාක්ස් දස් කපිටාල් නැතිනම් ප්‍රාග්ධනය කෘතියේ සදහන් කරනු ලබන්නේ “ධනපති නිෂ්පාදනය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්” ලෙසය. එසේ මුත් ගැටලුව පටන් ගන්නේ ඉන් අනතුරුවය. එනම් පරිච්ජේදය 1 හී 2 කොටසෙහි ” මාක්ස් = රිකාඩෝ ++” යන්නෙහිය.

එම කොටසෙහි තමලු පවසන්නේ මාක්ස්ගේ පොත බැලීමෙන් තමලුට මාක්ස් = රිකාඩෝ++ ලෙස හදුනාගත හැකි බවයි. එහිදී ඔහු ඉදිරිපත් කරන්නේ මාක්ස් පළමු ආර්ථික ගුරු කුලය ලෙස සලකන්නේ “කෙනේගේ” “ෆිසියෝක්‍රට්” හෙවත් වටිනාකම නම් කෘෂිකාර්මික ශ්‍රමය යන න්‍යායයි. එමෙන්ම පළමු විද්‍යාත්මක ආර්ථික විද්‍යා ප්‍රවේශය ලෙස මාක්ස් ඇඩම් ස්මිත් ගේ ඉදිරිපත් කිරීම දකිනා බව පවසයි. එම ඇඩම් ස්මිත්ගේ ඉදිරිපත් කිරීම මාක්ස්ට අනුව සංක්‍රමණ අවස්තාවක් ලෙසත්, ඩේවිට් රිකාඩෝගේ ඉදිරිපත් කිරීම මාක්ස්ගේ අගය කිරීමට ලක්වූ බවත් තමලු ගෙනහැර දක්වයි.

මෙහි පිළිවෙලින් ෆිසියෝක්‍රට් ගුරුකුලය විසින් ඉදිරිපත් කරන “වටිනාකම නම් කෘෂිකාර්මික ශ්‍රමය” යැයි යන්න, ඇඩම් ස්මිත් විසින් කාර්මික නිශ්පදනය පැමිණි පසු කෘෂිකාර්මික ශ්‍රමය පමනක් නොව “කාර්මික ශ්‍රමය ද වටිනාකම් නිර්මාණය කරන බව පවසනේයැයි දක්ව සිටියි. එහිදී ස්මිත්ට ව්‍යාකූල අකාරයෙන් පවසනවායැයි කියන්නේ, වෙළද භාණ්ඩයක අන්තර්ගත ශ්‍රම ප්‍රමාණය වෙළඳ භාණ්ඩය මගින් නැවත ලබාගත හැකි ශ්‍රම ප්‍රමාණය සහ එමඟින් ඉතිරිකර දෙන ලද ශ්‍රම ප්‍රමණය එකක් ලෙස ගත් බවයි. මෙය ලාභය හෝ අතිරික්ත වටිනාකමක් නොමැති ආර්ථිකමය තත්වයකි. මෙය සරලව ගතහොත් යම් වෙළද භාණ්ඩයක් පරිභෝජනය කල විට එම භාණ්ඩය නිපදවීමට වැය කල ශ්‍රම ශක්තිය නැවත ලබා ගත හැකි වන අතර කොටසක් ඉතිරිවිය හැකිය. මෙම ශ්‍රම ශක්තිය ලබාගැනීමට පරිභෝජනය කල කොටස සහ ඉතිරි වූ කොටස යන දෙකෙහිම එකතුව භාණ්ඩයේ අන්තර්ගත ශ්‍රම ප්‍රමාණය බව ස්මිත්ගේ හදුනා ගැනීම ලෙස තමලු කියා සිටියි. මෙම ඉදිරිපත් කිරීම මාක්ස්ට අනුව සංක්‍රමණ අවස්තාවක් බව තමලු තව දුරටත් පවසයි.

මක්ස්ගේ අගය කිරීමට ලක්වන බව තමලු පවසන්නේ ඩේවිඩ් රිකාඩෝය. රිකාඩෝට අනුව වටිනාකම වෙළඳ භාණ්ඩයේ අන්තර්ගත ශ්‍රම ප්‍රමාණය බව පැවසුවද, ස්මිත්ගේ ආකාරයට නැවත ලබාගත් හැකි ශ්‍රම ප්‍රමාණය සහ ඉතිරිකර දෙන ශ්‍රම ප්‍රමාණය ලෙස වෙන් කල නොහැකි බව පවසන ඔහු එය එසේ වන්නේ කෙන්කු වෙළද භාණ්ඩයක් පරිභෝජනය කරන ප්‍රමාණය වෙනස් විය හැකි බව සහ එමගින් ඉතිරිකර දෙන ශ්‍රම ප්‍රමාණය වෙනස් වියහැකි බැවිණි. උදාහරණයකින් මෙය පවසනවානම්, වෙළඳ භාණ්ඩය පාන් කියා ගතහොත් කෙනෙකුට වැයකල ශ්‍රමය නැවත ලබා ගැනීමට පන් බාගයක් ප්‍රමාණවත් වූ විට ඉතිරි කරදෙන ශ්‍රම ප්‍රමාණය පාන් බාගයකි. මෙම දෙකෙහිම එකතුව භණ්ඩයේ අන්තර්ගත ශ්‍රම ප්‍රමාණය ලෙස ස්මිත් පවසන විට, තවත් කෙනෙකුට වැයකල ශ්‍රම ප්‍රමාණය නැවත ලබාගැනීමට පාන් රාත්තලම පරිභෝජනය කල යුතුනම් ඉතිරි කර දෙන කොටසක් නැත. මෙහිදී රිකාඩෝ පවසන්නේ එමගින් පරස්පරයක් මතුවන බව සහ එමගින් අතිරික්ත අගයේ ප්‍රශ්නය සහ ලභ රේට්ටුව කඩා වැටීම වැනි පරස්පරතා මතු වන බව රිකාඩෝ පවසන බවයි. රිකාඩෝට අනුව මෙය ප්‍රවද වල විසඳාගත යුතු ගැටලුය. එමගින් තමලු ආර්ථික විචාරයද මක්ස්ගේ එකක් නොව රිකඩො ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් ලෙස පවසන අතර මෙම ප්‍රවාදවල පරස්පරයක් ලෙස රිකාඩෝගේ මතය පිළිගනියි.

මෙහිදී තමලු රිකාඩෝගේ මතය පිළිගනු ලබන්නේ, නලීන් ද සිල්වාගේ ප්‍රසිද්ධ කියමනක් වන මනසින් පරිබහිරව යතාර්තයක් නැත හැකිනම් මනසින් තොරව පෙන්වන ලෙස ගොඩනගන ලද ප්‍රසිද්ධ තර්කයට අනුව විය හැකිය. එනම්, අපට අනුවද යතාර්තය යනු ගොඩනගන ලද්දකි. භාෂාව තුලින් ගොඩනගන ලද යතාර්තයක් මිස ඇත්ත යතාර්තයක් අපට හමුa නොවේ. වෙනත් ලෙසකින් පවසන්නේනම්, යම් වස්තුවක් ගැන අප දන්නේ භාෂාව තුලින් හදුන්වා දෙන දෙය පමණි. උදාහරණයක් ලෙස පොල් ගස ගන්නේනම් අප පොල් ගස ලෙස දන්නේ භාෂාවෙන් අපට හදුන්වා දුන් පොල් ගස මිස ඊට එහා පොල් ගසක් අප දන්නේ නැත. ජීව විද්‍යාඥයකු හෝ භෞතික විද්‍යාඥයකු අපට එහාගොස පොල් ගසේ රසායනික සංයුතිය එහි සංඝටක වල ස්වභාවය හදුනා ගත්තද ඔවුන් දන්නේද ඔවුන්ගේ එම විෂය ක්ෂේත්‍රයන්ට අදාලව ගොඩනගන ලද භාෂාවේ ප්‍රමාණයන් වලට පමණි. එසේ නොමැතිව පොල්ගස ලෙස හදුනාගන්නා දෙයේහී ඇත්තම ස්වභාවය ( The Real) හමුවන්නේ නැත.

මේ අනුව ගත් කල අප කටයුතු කරමින් සිටින්නේ ගොඩනගන ලද භාෂාමය විශ්වයකය. එහි සියල්ල භාෂාමය ගොඩනැගීම්‍ ය. ප්‍රවාද ( thesis) , න්‍යාය ( theory) යනු එවැනි ගොඩනැගීම් පෙළකි. එසේනම් ආර්ථික විද්‍යා ප්‍රවාද යනුද භාෂාව තුලින් ගොඩනගන ලද ඒවා මිස භෞතිකමය නැතහොත් ද්‍රව්‍යමය යමක් නොවේ. භෞතිකමය නැතහොත් ද්‍රව්‍යමය යමක් යන්නද භාෂාමය ගොඩනැංවීමකි. එසේනම් පරස්පර ප්‍රවාද හමුවූ විට එම ප්‍රවදවල පරස්පරය නිවැරදි කිරීමට එවැනි පරස්පරතා සහිත ප්‍රවාද වෙනුවට පරස්පරතා රහිත ප්‍රවාද ගෙන ආ යුතුය. එවිට ගැටලුව විසදේ. එලෙස ඩේවිට් රිකාඩෝ පවසන ලෙස ප්‍රවාදවල පරස්පරතා වෙනුවට එම පරස්පරතා රහිත ප්‍රවද ගෙන ඒම මගින් ධනවාදය දිගින් දිගටම පවතින බව තමලු පවසයි. ඒ මෙසේය,

// ආර්ථිකය සම්බන්ධව මේ ප්‍රවේශයේ ප්‍රධාන අර්බූදයක් පවතී. අපෝහකය අනුව වර්තමාන සමාජයේ නිසගයෙන් පරස්පර පැවතිය යුතු බව පිළිගත්තද ඒ පරස්පර රිකඩෝ දැක්වූ පරස්පරම බව කීමට හේතුවක් නැත. පරස්පර සඳහා මක්ස්ගේ ලැදියව මත ඔහු එකල දුටු මේ පරස්පරවල එල්ලීම මිස මේ පරස්පරම සනාථ කිරීමට මාක්ස් හෝ පසුකලීනයකු හෝ සමත් වන්නේ නැත. අපෝහකය පිළිගත්තද රිකාඩෝ කී පරස්පර ඔහුගේ ප්‍රවදයේ පවතින අර්බූද යැයි කියා එය නිරවුල් කිරීමට බාධාවක් නැත. ඇත්තෙන්ම පසුව ආර්ථික විද්‍යාවේ සිදුවූයේ ද එයයි. රිකඩොගේ පරස්පර නොමැති ප්‍රවද නිර්මාණය විය // (පිටුව 7)

මේ ආකාරයෙන් ගත් විට මාක්ස් රිකඩෝගේ ප්‍රවද වල පරස්පර සමන්ධව මක්ස්ගේ ප්‍රවේශය තමලුට අනුව වැරදි සහගත එකකි. එනම් මාක්ස් අනුව රිකඩෝ දකින සම්බන්දතා සහ පරස්පර ආර්ථිකය සම්බන්ද පොදු ප්‍රශ්නයක් ලෙස දැකීම ගැටලුවකි. මෙහිදී තමලුට අනුව මක්ස්ගේ දායකත්වය ඓතිහාසිකත්වය පිළිබදව කරුණකි. මාක්ස් පවසන්නේ නිශ්පදන ක්‍රම ඓතිහාසිකව විකශනය වීම ගැන සිතා, එය සමඟ ගලපා, ඉතිහසය තුල සම්බන්දතා මගින් ප්‍රාග්ධනය ඇතිවීම ඇසුරින් මේ පරස්පර විග්‍රහ කිරීම කල යුතු බවකි. එනම්, මාක්ස් පවසනවායැයි ඉදිරිපත් කරන්නේ පරස්පරතා යනු ප්‍රවාද ලෙස ගොඩනඟන ඒවා නොව භෞතිකව අවතින දෙයක් ලෙසයි. වෙනත් ලෙසකින් කිවහොත් මාක්ස් පවසන්නේ පරස්පර පවතින්නේ භෞතිකව පවතින ධනවදයේ මිස පරස්පරතා වල නොවන බවකි.

මෙය තව දුරටත් සනාත කිරීමට තමලු එංගල්ස්ගේ “සොභාදහමේ දයලෙත්තිකය” මාක්ස්ගේ ප්‍රකාශයට සම්බන්ද කරයි. එමගින් ඔහු ඉදිරිපත් කරන්නේ එංගල්ස් ගෙන් එන අපෝහකය ප්‍රවාදය මාක්ස් පිළිගත් බවත් එය මාක්ස්ගේ ආර්ථික විචාරයට එකතු කල බවත්‍ ය. ඇත්තටම අපට අනුවද මෙම සොභාදහමේ දයලෙත්තිකය ඒංගල්ස්ගේ, ප්ලෙකනොව්ගේ, අපනසියෙව්ගේ, එම්. නේස්තූර්හ් වැන්නන්ගේ විකාරයකි. මෙය රුසියව හරහා මක්ස්වාදීන් සහ වාමංශිකයින් පිළිගත් ළදරු වලිප්පුවකි. තාමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් වලට අපෝහකය සම්බන්ද කරගත් බව මෙසේ පවසයි.

// කෙසේ නමුත් මාක්ස්ගේ දස් කපිටාල්හී දේශපාලන ආර්ථිකය සම්බන්ද ගනුදෙනුව ඒංගල්ස්ගේ ස්වභාවික විද්‍යාව සමඟ ගනුදෙනුවට මදක් කිට්ටුය.// ( පිටුව 6)

// ස්මිත්ගේ ශ්‍රම න්‍යාය පිරිසිදුව දක්වන රිකාඩො එයින් ඇතිවන පරස්පර කිහිපයක් සදහන් කරයි. ඒ පරස්පර නිරවුල් කර ගැනීම රිකාඩෝගේ ව්‍යාපෘතිය සාර්තක වීමට අවශ්‍ය ය. මාක්ස් මෙය අපෝහකය ගැන ඔහුගේ අදහස් සමඟ එක් කරයි// ( පිටුව 6)

මෙලෙස තමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අපෝහකය සමඟ ගැට ගසා මාක්ස් භාෂාවෙන් ගොඩනගන ලද ලෝකයක් වෙනුවට ඇත්ත භෞතික ලෝකයක් නැතහොත් ද්‍රව්‍යවදී යතාර්තයක් පවතින බව පිළිගෙන් තමන්ගේ විචාරය ඉදිරිපත් කර ඇති බව සහ එබැවින් මාක්ස් ඉදිරිපත් කලේ බොරුවක්, නැතහොත නිශේදනය කල යුත්තක් බව ඔප්පු කිරීමට උත්සහා දරයි. ඒ මෙසේය.

// ආර්ථික මතවදයේ පවතින පරස්පර ප්‍රවාද සංශෝදනය කොට සංවර්ධනය කොට විසඳාගත යුතුය යනුවෙන් නොගෙන මාක්ස් ඇත්තෙන්ම සමජයේ එම පරස්පර පවතින ලෙස ගනියි.//

// මාක්ස් අපෝහකය නිසා, ප්‍රතිවිරුද්ධත්වයන් ගැන තමාට ඇති ආශාව නිසා, රිකඩෝගේ ප්‍රවාද පරස්පර සහිතව එලෙසින්ම පිළිගනියි. රිකාඩෝට අනුව ඇත්ත ලොකයේ පරස්පර තිබිය නොහැකි වුවද මාක්ස්ට අනුව ඇත්ත ලෝකයේ පරස්පර තිබිය හැකි අතර ඒ පරස්පර වර්ධනය වී එක් අවස්තාවකකින් පසුව ගුනාත්මකව සන්තතියකට පෙරළී යයි// ( 6 පිටුව)

// මාක්ස්ගේ දේශපාලන ආර්ථිකයට විචාරය හෙවත් රිකාඩෝගේ පරස්පර සැබෑ පැවැත්මක් ලෙස දකින්නට යන යොජනාව අලුත් ආර්ථික විද්‍යාවක් ලෙස අර්ථ දැක්වීම වරදකි.// ( 8 පිටුව).

// මේ අයුරින් මාක්ස්ගේ දස් කපිටාල් හා එංගල්ස්ගේ සොබාදහමේ අපෝහකය දෙකම තරමක් සමාන දුර්වලතාවයකින් යුතුය. එංගල්ස් එකල පරස්පර නොතිබූ විෂයක් තමාම පටලවා ගනිමින් පරස්පර අලුතින් හදාගනිමින් ඒවා අපෝහකයට ගැට ගසයි.

මාක්ස් එකල දේශපාලන ආර්ථික විෂයයේ අදහස්වල තිබූ පරස්පර ගැන ලියා තිබෙන දෑ මැනවින් තේරුම් ගෙන අපෝහකයට ගැට ගසා එය විචාරයක් ලෙස නම් කලේය. පසුකාලීන මක්ස්වාදීහු විචාරය විද්‍යාවක් කොට පොට පැටලවූ හ. // ( 8 පිටුව).

අපට අනුව තමලුගේ මාක්ස් සම්බන්ද මේ ප්‍රවේශයන් සෝවියට් මාක්ස්වාදීන් තේරුම් ගෙන තිබෙන තත්වයන්ට අනුව නිවැරදි උවද මාක්ස් සම්බන්ද විශ්ලේශනීයව ගත්කල මේ ඉදිරිපත් කිරීම් සියල්ල නිවැරදි නොවේ. අපට අනුව තමලුද මාක්ස් ලෙස කියවගෙන ඇත්තේ සෝවියට් මාක්ස්මය, ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කල මාක්ස්මය, වාමංශික මාක්ස් ය. එහි කිසිදු වෙනසක් අපට පෙනෙන්නේ නැත. අපගේ අදහසනම් ඔහුගේ ගුරුවරයා වන නලීන් ද සිල්වාට අදාලවද පවතින්නේ තමලුට අදාල මක්ස්මය. ( එය අප ඉදිරි කාලයේදී පැහැදිලිව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු).

මෙම පොත ලියා එලිදැක්වීමෙන් පසුව තමලු සමග අප කල ෆේස්බුක් සංවාදයකදී විමසා සිටියේ මක්ස් ඉදිරිපත් කල විචාරය වැරදියි ලෙස අප තාවකලික්ව පිළිගතහොත් තමලුට නිවැරදි ආර්ථිකමය ගොඩනැංවීමක් තිබේද යන්නයි. එහිදී ඔහු ප්‍රකාශ කලේ එවැන්නක් නැත යන්නයි. එසේනම්, තමලු මාක්ස්ගේ විචාරයක් වැරදියි යන්න පිළිගනු ලබන්නේ කුමකට ශාපේක්ෂවද යන්න අප සැලකිය යුතුය. ඔහු මාක්ස් වැරදියි යන්න ඉදිරිපත් කරන්නේ ලිබරල් ආර්ථික ප්‍රවාදයන්ට සාපේක්ෂවය. උදාහරනයකින් පවසන්නේනම් අපට අම්මා හදන හොද්දක රස කිව හැකිය. එහෙත් එය දිය රසය කීමටනම් වතුරෙහි රස අප දැන සිටිය යුතුය. ලුනු රසයැයි කීමට ලුනු රසය දැනගෙන සිටිය යුතුය. එලෙස තමලුට අලුත් ගොඩනැවීමක් නොමැතිනම් තමලු දන්නා එකකින් තව එකක් විග්‍රහ කල යුතුය. එලෙස තමලු දන්නේ පවතින ලිබරල් එකය. එයට අනුව මාක්ස් ඉදිරිපත් කල විචාරය වැරදිය. එසේනම් පවතින එක තුල තමලු පයගසාගෙන මාක්ස්ව නිශේධනය කිරීමක් කරයි. එබැවින් තමලු යනු තවදුරටත් ලිබරල් ආත්මයකි. ප්‍රවාද වල පරස්පර නිවැරදි කිරීමෙන් ගැටලුව විසදාගත හැකිය යන ලිබරල් මතය සනාත කරන්නෙකි. ඔහු සැඟවීමට තිස්සේම උත්සහ දරන ලිබරල් ආත්මය මෙම පොත හරහා නැවත එලියට ප්‍රකාශමාන වී ඇත. මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යනුවෙන් මුලින් මතෘකාවක් යොදන මොහු මාක්ස් ස්මිත්ට ඩේවිඩ් රිකාඩෝට විරුද්ධව සහ සමගාමීව යන ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේදැයි විමසයි. එහි පරමාර්තය මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්නය. එබැවින් ඔහුට අනුව මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැගිමට සමානව ආර්ථික ගොඩනැංවීමක් කර නැති බැවින් ඔහු ආර්ථික විද්‍යාර්ථයෙක් නොවන බව පවසනවා මිස අප පෙනීසිටින අර්තයෙන් මක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යන්න ඉදිරිපත් කරනවා නොවේ. ඇත්ත්ටම ලිබරල් ඇකඩමිකයකුගේ තැන සිට මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැංවීමට ආසන්න ලෙසවත් දෙයක් කර නැත යන තක්කඩි ප්‍රවේශය ඔහු විසින් ගෙන ඇත. ඔහු ලිබරල් පොතේගුරෙකි.

ප්‍රධාන කාරනය මෙය නොවෙයි. මාක්ස්ව ද්‍රව්‍යවාදියකුගේ සහ භෞතිකවාදියකුගේ තැන සිරකිරීමට ගත් අසාර්තක උත්සහයයි. අපට අනුව මාක්ස් එවැන්නකු නොවේ. එමනිසා මාක්ස් ධනවදයේ පරස්පර ලෙසල ගෙන එන කරුණු හුදෙක් ප්‍රවාද වල පරස්පරතා නොව ධනවදි නිශ්පාදන ක්‍රියාවලියෙහිම පරස්පරයන්‍ ය. මාක්ස් එසේ පවසන දේ සෝවියට් අර්තයෙන් භෞතිකවාදයක් හෝ ද්‍රව්‍යවදයක් උවද මාක්ස් මින් අර්තවත් කරන්නේ මිනිසා ක්‍රියා කරන්නේම ඔවුන් විසින් ගොඩනගාගන්නා ලද යතාර්තයක බවයි. ඇත්ත ලෝකයක් මිනිසාට හමු නොවෙයි. මිනිසා තමන් භෂාවෙන් හදුනාගත් ලෝකයක් තුල වැඩ කිරීම යනු පරස්පරයකි. මෙය තහවුරු කිරීමට “ජීසස්ගේ” උදාහරනයක් ගත හැකිය. එය ජීසස් කුරුසයේ ඇන ගසන මොහොතේ සිදුකල ප්‍රකශයකි. එනම්, මිනිසුන් ජීසස්ව කුරුසයේ තබා ඇන ගසන විට ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන් දන්නේ නැත යනුවෙන් ජීසස් ප්‍රකාශ කරන්නේද එයයි. පසුව එය ශිෂෙක් විසින් “They do not what they do” ලෙස දක්වන ලදී. මෙහිදී සියලු විද්‍යාවන් විසින් පවසනු ලබන්නේ සත්‍ය පවතින්නේ යතාර්තය තුල බවත් එය සොයා ගත යුතු බවත්‍ ය. ඇත්තටම යතාර්තය ලෙස දෙයක් නොමැත. ඇත්තේ මිනිසුන් භාෂාව තුලින් අර්තවත් කල යතාර්තයකි. එම නිසා ” යථ” ( the Real) අපට හමුවන්නේ නැත. යථ සහ අප ගොඩනගාගෙන වැඩ කරන යතාර්තය අතර පරස්පරයක් පවතියි. ධනවදී ආර්ථික මොඩලයද ක්‍රියාත්මක වන්නේ එම පරස්පරය තුලයි. එම පරස්පරය සමනය කල නොහැකිය. එම පරස්පරය මත සිටගනිමින් ගොඩනගන සියලු ප්‍රවාද පරස්පරය. මාක්ස් “මිනිස් නිදහස ” ලෙස සහ මිනිස් විමුක්තිය (වාර්ගික ජීවියා) ලෙස හදුනාගන්නේ මෙම පරස්පරය මත වාර්ගික ජීවය අසන්තක( ව්‍යුක්තනය ) වූ මිනිසා ගැනය. එම නිසා ඩේවිඩ් රිකාඩෝගේ පරසර සහ මක්ස්ගේ පර්ස්පර දෙකකි. එය වැරදි ලෙස හදුනාගැනීමම බරපතල වරදකි. සෝවියට් මාක්ස්වාදීන්ට මෙන්ම තමලුටද සිදු වූවේ මෙම වරදවා වටහා ගැනීමේ ගැටලුවයි. අප තමලුගෙන් අහන්නේ මිනිසුන් හට කෙදිනක හෝ ඇත්ත යතර්තයක් හමුවෙනවාද යන්නයි. එසේනම් ඒ කවදාද යන්නත් විමසිය යුතුය.

අනෙක් බරපතල වරද වන්නේ ඔහුව සෝවියට් භෞතිකවාදීන්න්ගේ ( ද්‍රව්‍යවදීන්ගේ) ගොඩට මෙම පොතේ දමා තිබීමයි. අපට අනුව මක්ස් එවැන් භෞතික වදියෙක් නොවේ. පුදුම සහගත දෙය වන්නේ දස් කපිටාල්හී මාක්ස්ව නිශේධනය කලයුතු සියල්ල හමු වු තමලුට “පළමු වෙලුමේ දෙවැනි ජර්මන් සංස්කරණයෙහි පසුවදන ” හී පහත කොටස අහු නොවීමයි. ඇත්තෙන්ම එය කියවාගත යුත්තේ නිකම්ම ප්‍රාග්ධනය කෘතිය පොතක් කියවන අර්තයෙන් නොවේ. එය මක්ස්ගේ “ෆොයාබග් තිසීස” සමග කියවාගත යුතුය. මාක්ස් සමස්තයක් ලෙස නොගෙන පන්ඩිතමනී ලෙස මාක්ස්ව නිශේධනය කරන අදහසින් හැසිරෙන ලිබරල් උගතෙකුට එය හමුවීම ඇත්තටම විරලය. මාක්ස් මෙසේ පවසයි,

// මාගේ දයලෙත්තික වික්‍රමය හෙගේලියානු විධික්‍රමයෙන් වෙනස් වනවා පමණක් නොව එහි සෘජු විරෝධය ද වෙයි. හෙගල්ට මානව මොළයෙහි ජීව ක්‍රියාවලිය, එනම්, චින්තන ක්‍රියවලිය සැබෑ ලෝකයෙහි විශ්වකර්මයා ය. ඔහු ” අදහස” යන නාමය යටතේ චින්තන ක්‍රියාවලිය ස්වාදීන වස්තුවක් බවට පවා පත්කරයි. ඔහුට සැබෑ ලෝකය ” අදහසෙහි” බාහිර, ප්‍රපංචමය ස්වරූපය පමණි. ඊට ඉදුරා පටහැණි පරිදි මට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුළ පරාවර්තනය වූ, චින්තන ස්වරූප බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකයම ය. //

මෙමගින් මාක්ස් කියා සිටින්නේ කුමක්ද? හෙගේලියානු අර්තයට අනුව සැබෑ ලෝකය ( ද්‍රවයමය ලෝකය) යනු මානව මොලයෙහි ජීව ක්‍රියාවලිය නැතිනම් චින්තන ක්‍රියාවලිය ( සහජඥානය) විසින් විශ්මකර්ම ලෙස නිර්මාණය කර ඇති බවයි. ඔහුගේ අර්තයෙන් අදහස යන නාමය පවා චින්තන ක්‍රියාවලියට අයත් ස්වාධීන වස්තුවකි. එනම් ඔහුට සැබෑ ලොකය යනු අදහසෙහි ( චින්ත්නයේ) බාහිර ප්‍රපංචමය ස්වරූපයකි යනුවෙනි. ඊට ඉදුරාම පටහැනිව මාක්ස් කියන්නේ තමන්ට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුල පරාවර්තනය වූ ( රූප, ශබ්ද, ගන්ද, රස, වස්තු සහ ක්‍රියාකාරකම් ලෙස , මෙහි වස්තු යනු හදුනා නොගත් විශ්වයකි) චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලොකය ය. එනනම් පෙර කී පරාවර්තනයන් චින්තනමය ස්වරූපයට පරිවර්තනය වූ, නැතහොත් භාෂාමය ලෙස පරිකල්පනය කරන ලද ද්‍රව්‍යමය ලෝකයකි ලෙසය. එනම් එසේ පරිකල්පනය නොකල ද්‍රව්‍ය හරහා චින්තනය ලැබෙන වස්තුවේ එහිම වූ ගුනයක් හෝ සහජඥානයේහී ආකෘතියක් මාක්ස් නොහඟවයි. මෙය භෞතිකවාදයෙන් ( ද්‍රව්‍යවාදයෙන්) ඉදුරාම වෙනස් ස්තාවරයකි. තමලු මෙය මගහැර ගියේ කෙසේද? සොවියට් ද්‍රව්‍යවදයක් ගැන කතා කරන මාක්ස්වාදීන්ට මෙය අහුවන්නේ නැත. එපමණක් නොව මක්ස් ෆොයාබග් තිසීස තුලින් තවත් එය තහවුරු කරයි. එනම්, ෆොයාබග් පළමු තිසීසයේ මෙසේ සදහන් කරයි.

// ෆොයාබග් ඇතුලු මෙතෙක් පවතින සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය, යථාර්ථය, ඉන්ද්‍රීය ගෝචරත්වය සංකල්පගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥනයේහී හෝ ( intuition) ආකෘතියක් ( ආකාරයක්) තුල පමණක් වන මුත් එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නොවේ. එතැන් සිට එය භෞතිකවාදයට හත්පසින්ම වෙනස් භාවයකින් ( ආකාරයකින්), එහි ක්‍රියාකාරී පැත්ත ( අංශය) විඥානවාදය විසින් වියුක්තව වර්ධනය කෙරුනේ, සත්තකින්ම විඥානවාදය එවැනි ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වයක් හෝ යථ ( real) නොදන්නවා යන්නෙහි සිටය. ෆොයාබාග්ට සත්‍යවශයෙන්ම සංකල්පිත වස්තූන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රීයගෝචර වස්තූන් අවශ්‍ය කරනමුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වය යනු වාස්තවික ක්‍රියාකාරීත්වය බවයි. එම නිසා ” ක්‍රිස්තියානියෙහි සාරය” තුළ න්‍යායික අකාරය නියම ( සත්‍යමය) වශයෙන් එකම මිනිස් ආකරය හැටියට පමණක් සලකන්නේ වයවහරය සංකල්පගත වී ඇත්තේ සහ ස්තාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමාන වීම තුළය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග්‍රහණය කරනොගන්නේ ව්‍යවහාරික – විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි ” විප්ලවකාරී ” අර්ථාන්විත භාවයයි.// යනුවෙනි.

මෙහි සමස්ත අදහසට නොගොස් අපගේ මෙම ලියමනට අදාලව පමණක් ගතහොත් මාක්ස් පවසන්නේ ෆොයාබග් දකින්නේ දෙය, යතාර්තය සහ ඉන්ද්‍රීයගෝචරත්වය සංකල්ප ගතවී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥානයේහී ආකෘතියක් තුල පමණක් වන මුත් එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නොවේ යනුවෙනි. එනම් මිනිස් ක්‍රියාකාරීත්වය ඉන්ද්‍රීයගෝචර, ව්‍යවහාරිකව සහ ආත්මීයව සිදුවන බව මාක්ස් කියයි. එනම් මීනිසුන්ට ඉන්ද්‍රීයගොචර වෙන දේ සමග මිනිසුන් ව්‍යවහාරයකට යයි. එසේ ව්‍යවහාරයට පිවිසෙන්නේම අර්තකතනයන් හරහාය. අර්තකතනය කරගනුයේ භාෂාව තුලින් වන අතර එය ආත්මීය ක්‍රියාකාරීත්වයක්. මෙම ආත්මියව පරිකල්පනය කරගන්නා දෙය ව්‍යවහාරය තුල නැවත පරිකල්පණය කරනු ලබයි. මාක්ස්ගේ දයලෙත්තිකය යනු එයයි.

මෙම ඉදිරිපත් කිරීම් දෙකෙහිම කිසි ලෙසකින් ඇත්ත ලෝකයක් ගැන මාක්ස් කියා නැත. එසේනම් තමලුට එවැන්නක් මාක්ස් ඉදිරිපත් කලා යැයි පැවසීමට අවශ්‍යවන්නේ ඇයි. මෙම ප්‍රශ්නය පසුව ඇසීමට ඉතිරි කරමින් තමලුගේ ඊලඟ බොරුවට ප්‍රවේශ වන්නේනමු, මාක්ස්ගේ දයලෙත්තිකය සහ තමලු මාක්ස් ඔහුගේ ආර්ථික විචාරයන්ට පාදම කරගත් අපෝහකය. සාවද්‍ය කි. එංගල්ස් සොබාදහමේ දයලෙත්තිකය ලෙස ගෙන ආ විකාරය වන්නේ තමලු පවසන ලෙස වස්තුවක හෝ වස්තූන් දෙකක ප්‍රතිපක්ෂයන්ගේ ප්‍රතිවිරෝධය සහ අන්තර් ක්‍රියාකාරීතවයි. මෙම ප්‍රතිවිරෝධය හෝ අන්තර ක්‍රියාකාරීත්වය ප්‍රමාණාත්මකව වර්ධනය වී යම් මොහොතක ගුනාත්මක වෙනසක්ට ( තමලුගේ ලෙස සහවාදයක් හෝ සංවාදයක්) ( පිටුව 5) ලක්වේ. එතනින් පසුව එය පැවති ප්‍රපංචය නොව වෙනත් එකකි. එංගල්ස්ගෙන් පසුව ප්ලෙකනොව්, අෆනාසියෙව් ආදීන් සෝවියට් රුසියාව හරහා වර්ධනය කල විකාරය මෙයයි. ඛේදවාචකය යනු එය තමලුට මාක්ස් ඉදිරිපත් කල එකයැයි පැවසීමට සිදුවීමයි. එය මාක්ස්ව කියවා ගැනීමේදී සිදු වූ තවත් ගැටළුවකි.

මාක්ස් දයලෙත්තිකය ලෙස හදුන්වන්නේ, මිනිසුන්ගේ ඉන්ද්‍රීයමූලික, ව්‍යවහාරික සහ ආත්මීය ක්‍රියාකාරීත්වයයි. එය ඇත්තවශයෙන්ම මාක්ස් ඉදිරිපත් කරන්නේ මෙසේය.

// එම නිසා ඔහු ග්‍රහණය කරනොගන්නේ ව්‍යවහාරික – විවේචනත්මක ක්‍රියාකාරීත්වයෙහි ” විප්ලවකාරී” අර්ථාන්විත භාවයයි.// ( ෆොයාබග් තිසීස 1 හී අවාන් වාඛ්‍ය ය)

// වාස්තයික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කරගත හැකිද යන ප්‍රශ්නය න්‍යායික ප්‍රශ්නයක් නොවන් මුත් එය ව්‍යවහාරික ප්‍රශ්නයකි. මිනිසා විසින් සත්‍ය තහවුරු කල යුතුම වන්නේ ඔහුගේ ව්‍යවහාරය තුළය. එනම් යතාර්ථය සහ බලය වන්නේ ඔහුගේ චින්තනයේ ලෞකිකත්වයයි. චින්තනයේ යථාර්ථය හෝ නොයථාර්ථය පිළිබද විවාදය ව්‍යවහාරයෙන් වෙන්කරන ලද වීම හුදෙක් විද්‍යාවන් පිළිබඳ ( ගුරුකුල පිළිබඳ පණ්ඩිතමානී) ප්‍රශ්නයකි.// ( ෆොයාබග් තිසීස 2 )

මෙමගින් මාක්ස් පවසන්නේ මිනිස් ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ව්‍යවහාරිකව බවමය. එනම්, මාක්ස් පවසන්නේ මිනිසුන්ගේ එක් ව්‍යවහාරික ක්‍රියාවක ප්‍රතිඵලය ඔවුන්ගේ ඊලඟ ක්‍රියාකාරීත්වයට මූලාරම්භය සපයන බවයි. උදාහරණයකින් දක්වන්නේනම් කිහිප දෙනෙකු උදැල්ලක්, පිකැස් එකක්, අලවංගුවක් , කූඩයක් සහිතව යම් තැනක ලිඳක් කැපීමට ගත් විට එය කපාගෙන පොළොව යටට යා හැකිය. එහෙත් අඩි කිහිපයක් කැපූ පසු ගලක් මතු වුවහොත් එතැනින් එහාට අර ආයුධ වලින් ලිඳ කැපිය නොහැකිය. එවිට ගල කැඩිය හැකි ක්‍රමයකට යා යුතුය. එය ලිඳ කැපීම නැමැති ව්‍යවහාරයේදී ඇති වූ තත්වයකි. ගල කැඩීමට ගන්නා තීරනයට මූලාරම්භය ලිඳ කැපීම නැමැති ව්‍යවහාරය සපයන අතර ගල ඇඩීමට පියවර ගැනිම යනු දයලෙත්තිකයය. එම තීරණය විප්ලවකාරීය. එමගින් සුසමාධර්ශී වෙනස්කට මඟ පාදයි. එසේ නොමැතිව ලිඳ කැපිම නැවැත්වීම හෝ වෙනත් ගලක් නොමැති ස්ථානයක ලිඳ කැපීමටද පුලුවනි. එයද දයලෙත්තික වන අතර එය සුසමාධර්ශී වෙනසක් නොව පවතින පැවැත්මම යතාවත් කරගන්නා සත්භාවාත්මක වෙනසකි. ලිබරල් සැකැස්ම පවතින්නේද එසේය. එය පවතින දෙය පැවැත්මට ගැලපෙන ලෙස සකසා ගනිමින් පවතියි. සියලු විද්‍යාවන්ද දයලෙත්තිකය. දැනුමද දයලෙත්තිකය, මේවා සත්භාවාත්මකය.

මෙනයින් ගත්කල මාක්ස්ගේ දයලෙත්තිකය යනු තමලු මාක්ස්ව කොටුකිර්‍ර්මට ව්‍යාජ ලෙස ගෙන එන එංගල්ස්ගේ සොබාදහමේ දයලෙත්තිකය නොවේ. මෙමගින් අපට පැහැදිලි වන්නේ තමලු මාක්ස් විවේචනය කරනු ලබන්නේ උඩින් පල්ලෙන් අතපත ගැමෙන් බවයි. පොතෙහී ප්‍රවේශයම අවුල් සහගත අතර අන්තර්ගතය කොහොමත් අවුල් සහගතය. අප ඉදිරියේදී ඒ බව පසක් කරන්නෙමු. එමගින් තමලුගේ පමනක් නොව නලින් ද සිල්වාගේද අවුල හෙලිවනු ඇත. එමෙන්ම විමුක්ති දේශපාලනය කරනවායැයි කියමින් කාමර අස්සේ සිට මෙවැන් ලිබරල් ආත්මවල කරට අතදාගෙන සිටින ලිබරලුන්ද අප හෙලිදරව් කරන්නෙමු. සොවියට් මාක්ස්වාදයේ සහ වාමවාදයදයේ බොරු සමාජවාදයද මෙමගින් හෙලිදරව් වනු ඇත. ඒ සදහා ඉඩ තබමින් තමලු වැනි ලිබරල් ආත්ම විසින් ලියන ලද විකාර නැවත ලිවීමේදී දෙපාරක් හිතන්නට බල කරන විසංවාදය ගෙන එන්නෙමු.

පී. කේ. ඩී. ප්‍රේමතිලක